
විමල් වීරවංශගේ මිලියන 75ක වත්කම් නඩුවේ ඉදිරි සාක්ෂි විභාගයට අද දින නියම කරයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ඊයේ (2) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ මේ නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළ අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන අංක 21,22,25,38 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා අසනීප තත්ත්වයෙන් පසු වන බැවින් නඩුවේ ඉදිරි සාක්ෂි විභාගයේ සඳහා දින නියම කිරීමට නඩුව අද (03) දින කැඳවීමට විනිසුරුවරයා නියෝග කළා.
Google AdSense
In-Article Ad

