FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර වශයෙන් වාරණයට ලක්වීමේ දැඩි අවදානමක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාත්‍යන්තර වශයෙන් වාරණයට ලක්වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි සිවිල් ක්‍රියාකාරික දිනේෂ් ද අල්විස් මහතා පවසනවා. ඔහු කියා සිටියේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිදුව ඇතැයි පැවසෙන විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සිදුකල විමර්‍ශනයකට අනුව එලෙස අවදානමක් මතුව ඇති බවයි. “ICAO කියන්නේ එහෙම නැත්නම් ICAO, සිවිල් ගුවන් සේවයේ… ඒ කියන්නේ Civil Aviation Organization කියන සංවිධානයක් ස්ථාපිත කරනවා. ඒක ස්ථාපිත කරන්නේම ලෝකයේ ගුවන් ගමන් දියුණු වෙද්දී, ඒකේ තිබෙන්නා වූ අධිකාරී බලයක් එක් තැනකට කේන්ද්‍රගත කරලා, එහි නිර්‍ණායකයන් අනුව ලෝකයේ තිබෙන සියලුම ගුවන් යානා හැසිරවීම තමයි එහි බලාපොරොත්තුව වුණේ. ඉතින් ඒකේ අපිත් සාමාජිකයෙක්. අපිත් එහි නීති රීතිවලට අනුගත වෙලා කටයුතු කරන්න ඕනා. ඉතින් මේ ඔඩිට් එක මේ ලෝකය පුරාම සිද්ධ කරන්නේ. හැම රටකම ඒ අවුරුදු පහෙන් පහට සිද්ධ කරන්නේ. හැම රටකම මේ හා සමාන ඒ ඒ රටේ සිවිල් ගුවන් සේවය ඒ අදාළ ප්‍රමිතියට තියෙනවාද? ඒ නීත්‍යානුකූලව පවත්වාගෙන යනවාද? කියන එක ගැන හැම රටකම ඒගොල්ලෝ පරීක්ෂණයක්, ඔඩිට් එකක් පවත්වනවා. දැන් ලබන වසරට අදාළ ඔඩිට් එකේ මූලික අදියරේ කටයුත්තක් සිද්ධ වුණා…” .

Google AdSense

In-Article Ad