FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

"ජනාධිපතිතුමා හිතනවානම් මෙතන අවදානමක් තියෙනවා කියලා... එකම උත්තරේ මේක නොකර ඉන්න" - නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අධිකරණයේ ස්වාධීනත්වය වැනි සංවේදී හා උතුම් කරුණුවලදී ආණ්ඩුව කිසිදු අන්දමක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය පවසනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමඟ පැවැති සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ සහ නීති ක්ෂේත්‍රයේ මතය පැහැදිලිව ඉදිරිපත් කළ බවත්, යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට තමන් ඇතුළු නීතිඥ ප්‍රජාව සම්පූර්‍ණයෙන්ම විරුද්ධ බවත් හෙතෙම සඳහන් කළා. මරදාන ජම්ඉයියතුල් උලමා මූලස්ථානය වෙත පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ," අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ උතුම් සංකල්පයක්. ජනාධිපතිතුමා හිතනවා නම් මෙතන අවදානමක් තියෙනවා කියලා, ඒකම උත්තරය මේක නොකර ඉන්න. රටේ සංවර්‍ධනය, ඇමති මණ්ඩල පත්කිරීම් වගේ දේවල්වලදී අවදානම් ගන්න පුළුවන් වුණත්, අධිකරණයේ ස්වාධීනත්වයට පහරක් වදින, අවදානමක් එන කිසිම දෙයක් කවදාවත් නොකළ යුතුයි. මන්ද මෙය සමස්ත ජනතාවගේම මූලික අයිතිවාසිකම්වලට සහ අනාගතයට බලපාන ජාතික ප්‍රශ්නයක්" යනුවෙන්. එසේම, යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය, විනිසුරුවරුන්ගේ සංගම්, මහානායක හිමිවරුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) විශේෂ නිරීක්ෂකයින් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන පවා විරෝධය පළ කර ඇති බවත්, මේ වන විට මෙයට පක්ෂව සිටින්නේ ආණ්ඩුව පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා. එම නිසා හදිසි නොවී, පුළුල් විද්වත් සාකච්ඡාවකින් අනතුරුව රටට සහ ජනතාවට යහපත් වන සාධාරණ තීරණයකට එළඹෙන ලෙසයි ඔහු සඳහන් කළේ.

Google AdSense

In-Article Ad