FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

“පේපර් ලීක් වෙලා නෑ, ව්‍යාජ කතාවලට රැවටෙන්න එපා” - උසස් පෙළ අපේක්ෂකයන්ට විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අම්බලන්තොට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර හමුවීමේ සිද්ධියත් සමඟ සමාජයේ ඇතිවූ නොසන්සුන්තාවය හමුවේ, විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරී ලියනගේ විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, සියලුම විභාග කටයුතු නියමිත පරිදි සිදුවන බවත් ඇය අවධාරණය කළාය. විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය: “ප්‍රශ්න පත්‍ර අඩංගු පැකැට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැත. එමෙන්ම ප්‍රශ්න පත්‍රයක් කිසිදු ආකාරයෙන් පිට වී නොමැති බව අවධාරණය කරමි. ව්‍යාජ තොරතුරුවලින් කලබලයට පත් නොවී (14) දිනයේ විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයින්ට කාරුණිකව දන්වා සිටිමි. නියමිත කාලසටහන අනුව සියලුම විභාග මධ්‍යස්ථානවල විභාග පැවැත්වෙන බැවින් සියලුම අපේක්ෂකයින් තමන්ට නියමිත කාලසටහන අනුව එම විභාග මධ්‍යස්ථානවලට පැමිණ විභාගයට මුහුණ දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.” ඒ අනුව, කිසිදු බියකින් හෝ අනිසි සැකයකින් තොරව නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ විභාගයට පෙනීසිටින ලෙස විභාග දෙපාර්‍තමේන්තුව සියලුම උසස් පෙළ සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

Google AdSense

In-Article Ad