FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වෛද්‍යවරුන් රට හැර යාම වැළැක්වීමට හිඟ අමතර සේවා දීමනා, නිවාඩු දින දීමනා වහාම පියවන්නැයි GMOA කියයි..

FM Heart · 9 min read

Google AdSense

After Featured Image

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන් විදේශගත වීම පාලනය කිරීම අරමුණු කරගනිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 2027 අයවැය සඳහා වූ සිය විශේෂ යෝජනා මාලාව මුදල් අමාත්‍යාංශය වෙත නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනා හුදෙක් වැටුප් ඉල්ලීම් පමණක් නොව, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් බව එම සංගමය අවධාරණය කරයි. මාධ්‍ය නිවේදනය නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම සඳහා 2027 අයවැයට රජයේ වෛද් ‍ ය නිලධාරීන්ගේ සංගමය වෙතින් උපායමාර්‍ගික යෝජනා . ශ්‍රී ලංකාව ආර්‍ථික ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින වත්මන් අවස්ථාවේදී , රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම , වෛද්‍ය වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීම සහ සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය හා කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 2027 අයවැය සඳහා වූ සිය යෝජනා මුදල් අමාත්‍යාංශය වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇත. මෙම යෝජනා හුදෙක් වැටුප් හා දීමනා සම්බන්ධ ඉල්ලීම් මාලාවක් නොවන අතර , වෛද්‍ය වෘත්තිකයන්ගේ රට හැර යාම අවම කිරීම , රෝහල් යටිතල පහසුකම් නවීකරණය කිරීම , රාජ්‍ය සෞඛ්‍ය සේවයේ සේවා පරිසරය වැඩිදියුණු කිරීම සහ සියලු පුරවැසියන් සඳහා නොමිලේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළකි. 1. මානව සම්පත් ස්ථාවරත්වය සහ වැටුප් අයිතිවාසිකම් සුරැකීම . වර්‍තමානයේ පවතින දැඩි ආර්‍ථික පීඩනය , සැබෑ ආදායමේ පහත වැටීම සහ වැටුප් හා දීමනා ක්‍රමයේ පවතින අසමානතා හේතුවෙන් විශේෂයෙන්ම පුහුණු හා පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් විදේශගත වීමේ ප්‍රවණතාවක් පවතී. එම තත්ත්වය රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩතාවයට දැඩි බලපෑමක් එල්ල කරයි. මෙයට විසඳුමක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් , · මෙතෙක් ගෙවීම් සිදු නොකළ 1/3 ක හි ඟ අමතර සේවා ( Extra Duty – ED) දීමනාව සහ රජයේ නිවාඩු දින දීමනා සම්පූර්‍ණයෙන් ගෙවා , සමුච්චිත හිඟ ගෙවීම් පියවීම. · අමතර සේවා දීමනාව ගණනය කිරීමේ හා හිමිකම් ඉදිරිපත් කිරීමේ සංකීර්‍ණ ක්‍රමවේද වෙනුවට , මාසිකව පැය 120 ක ස්ථාවර අමතර සේවා දීමනාවක් වැටුප් ව්‍යුහයට ඇතුළත් කිරීම. · DAT දීමනාව ( Disturbance, Availability and Transport ) නියමිත සූත්‍රය අනුව සංශෝධනය කර , එය වාර්‍ෂිකව යාවත්කාලීන කිරීම. · වෛද්‍යවරුන් මුහුණදෙන අවදානම් (උදාහරණ ලෙස ජෛව , රසායනික , විකිරණ සහ මානසික අවදානම් ප්‍රධාන අනිකුත් අවදානම් තත්ත්වයන්) සැලකිල්ලට ගනිමින් මූලික වැටුපෙන් 15% ක අවදානම් දීමනාවක් ( Risk Allowance) ඒ වෙනුවෙන් හඳුන්වා දීම. · ශ්‍රී ලංකා වෛද්‍ය සේවයක් ( Sri Lankan Medical Service) ස්ථාපිත ක ිරීම. ප්‍රාථමික ශ්‍රේණිය ( Preliminary Grade ) ඉවත් කර අධිශ්‍රේණියක් ( Supra Grade ) හඳුන්වා දෙමින් වෛද්‍ය සේවය සඳහා ඒකාබද්ධ වෘත්තීය හා වැටුප් ව්‍යුහයක් ඇති කිරීම. · විදේශගතව පශ්චාත් උපාධි පුහුණුව ලබන වෛද්‍යවරුන් සඳහා ලබාදෙන ජීවන වියදම් දීමනා , අදාළ රටවල ජීවන වියදම් මට්ටමට සාපේක්ෂව සහ විදේශ විනිමය අනුපාතවල වෙනස්කම් සැලකිල්ලට ගනිමින් සංශෝධනය කිරීම. යන යෝජනා ඉදිරිපත් කර ඇත. 2. සේවා පහසුකම් , සේවා පරිසරය සහ ප්‍රවාහන පහසුකම් . පැය 24 පුරා අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වෛද්‍යවරුන්ට සුදුසු සේවා පරිසරයක් සහ අවශ්‍ය පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව , · නිවාස , අධ්‍යාපන සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා රජය මැදිහත් වීම තුල අඩු පොලී ණය පහසුකම් ලබාදීම. · රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/99 ම ඟ ි න් ලබාදෙන ප්‍රවාහන පහසුකම් ලැබීම ස ඳ හා වෛද්‍යවරුන් ද සුදුසුකම් සපුරන බැවින් ඒ සඳහා ඔවුන් අන්තර්‍ග්‍රහණය කිරීම. · පවතින තිරු බදු සහනය සහිත වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමය, වඩා නවීකරණය කරන ලද සහනදායී ක්‍රමයක් ලෙස වැඩි දියුණු කිරීම. · වෛද්‍ය නිල නිවාසවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කඩිනම් ප්‍රාග්ධන ආයෝජන සිදු කිරීම. · නව වෛද්‍ය පර්‍යේෂණ දිරිගැන්වීම සඳහා පර්‍යේෂණ දීමනාව මූලික වැටුපෙන් 35% දක්වා නැවත ස්ථාපිත කිරීම සහ ජාතික සෞඛ්‍ය පර්‍යේෂණ සඳහා ආරම්භක අරමුදලක් ස්ථාපිත කිරීම. යන යෝජනාද ඉදිරිපත් කර ඇත. 3. සාධාරණ බදු ප්‍රතිපත්තියක් . වැටුප් ලබන වෘත්තිකයන් මත පවතින බදු බර සාධාරණ මට්ටමකට ගෙන ඒම සඳහා , රැකියා ආදායම ව්‍යාපාරික ලාභයෙන් වෙන්කර සැලකිය යුතු බව රජයේ වෛද් ‍ ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප අවධාරණය කර සිටියි. ඒ අනුව , · DAT දීමනාව බදු ව්‍යුහයෙන් නිදහස් කරමින් මුල්‍යමය නොවන ප්‍රතිලාභයක් ලෙස සැලකීම. · අමතර සේවා දීමනාව ආදායම් බද්දෙන් නිදහස් කිරීම. · වාර්‍ෂික බදු නිදහස් සීමාව රුපියල් මිලියන 2.4 ක් දක්වා ඉහළ නැංවීම. · මාසිකව රුපියල් 50,000 ක බදු සහනයක් ලබාදීම. · උපරිම ආන්තික බදු අනුපාතය 5% – 30% අතර සීමා කිරීම සහ බදු පරාස පුළුල් කිරීම. යන යෝජනා ඉදිරිපත් කර ඇත. 4. සියලු වෛද්‍ය කාණ්ඩ සඳහා සාධාරණ සහ ඉලක්කගත සහාය . විශේෂඥ වෛද්‍ය නිලධාරීන් මුහුණදෙන දැඩි පුරප්පාඩු සහ වැඩිවන සේවා ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් වෘත්තීමය කැපවීම , ආවරණ රාජකාරි , වැඩබැලීමේ රාජකාරි සහ ශාස්ත්‍රිය දීමනා ( Academic Allowances ) වැනි ඉලක්කගත දීමනා හඳුන්වාදීමේ කාලීන අවශ්‍යතාවය අප විසින් පෙන්වා දී ඇත. එමෙන්ම , ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් ස ඳ හා වැඩිවන රෝගී සංඛ්‍යාව , අධික සේවා ප්‍රමාණය සහ වෘත්තීය මය මානසික වෙහෙස සැලකිල්ලට ගනිමින් වෘත්තීය හා සායනික කාර්‍යභාර දීමනාව (Professional & Clinical Burden Allowance - PCBA) නමින් විශේෂ දීමනාවක් ස්ථාපිත කිරීමේ යෝජනාවද ඉදිරිපත් කර ඇත. තවද , පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත නොවී රාජ්‍ය සේවයට පූර්‍ණ කාලීනව කැපවන පරිපාලන වෛද්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන විශේෂිත පුද්ගලික වෛද්‍ය වෘත්තියේ නොයෙදීමේ දීමනාව ( Non-Practicing Allowance ) සංශෝධනය කර යාවත්කාලීන කිරීමද යෝජනා කර ඇත. 5. සෞඛ්‍ය සේවාව රටේ ආර්‍ථික වර්‍ධනයේ ප්‍රධාන අංගයක් බවට පත් කිරීම . සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදුකරන ආයෝජනයක් යනු රටේ මානව ප්‍රාග්ධනය සඳහා සිදුකරන ආයෝජනයකි. එමෙන්ම , සෞඛ්‍ය සේවාව රටට විදේශ විනිමය විශාල වශයෙන් උපයාදෙන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ හැකියාවද පවතී. ඒ සඳහා , · රජයේ අනුග්‍රහය යටතේ විදේශ සංචාරකයින් ස ඳ හා වූ වෛද්‍ය සංචාරක කර්‍මාන්තය ( Medical Tourism ) සඳහා වූ විශිෂ් ට තා මධ්‍යස්ථාන ( Centers of Excellence) ස්ථාපිත කිරීම. · විදේශගතව සේවය කරන වෛද්‍යවරුන් සඳහා විධිමත් විදේශ රැකියා ස ඳ හා විශේෂ නිවාඩු ක්‍රමවේදයක් ( Sabbatical Overseas Employment Leave Scheme ) හඳුන්වාදී , ඔවුන් උපයන විදේශ විනිමය රට තුළට ගෙන ඒම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම. · සායනික සංචාරක වෛද්‍ය විද්‍යාව ( Clinical Travel Medicine ) පශ්චාත් උපාධි විෂය ක්ෂේත්‍රයක් ලෙස ස්ථාපිත කිරීම. වැනි නව ප්‍රතිපත්තිමය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් සෞඛ්‍ය සේවාව රටේ ආර්‍ථිකයට දායක වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පත් කළ හැකි බව අපගේ දැක්මයි . නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම ජාතික වගකීමකි . එබැවින් , වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීමටත් , රෝහල් පද්ධතියේ යටිතල පහසුකම් හා සේවා පරිසරය වැඩිදියුණු කිරීමටත් , රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ අඛණ්ඩතාව තහවුරු කිරීමටත් කඩිනම් ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය වේ. 2027 අයවැය මගින් මෙම යෝජනා සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ස්ථාවරත්වය , වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය ගෞරවය සහ ජනතාවට ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේක්ෂා කරයි . Government Medical Officers’ Association Submits Strategic Proposals for 2027 Budget to Enhance Free Healthcare System In a bid to bolster the nation's free healthcare services and manage the migration of medical professionals abroad, the Government Medical Officers’ Association (GMOA) has officially presented a series of strategic proposals for the 2027 budget to the Ministry of Finance. The association stresses that these proposals encompass more than just salary demands; they are rooted in evidence-based policy frameworks aimed at improving the healthcare sector. The GMOA emphasized that at a time when Sri Lanka is navigating economic stabilization, it is critical to strengthen the country's free healthcare system, retain medical professionals within the country, and enhance the quality and efficiency of healthcare services. The proposal outlines several key strategies, including: 1. Protection of Human Resources and Salary Rights. The ongoing severe economic pressures and the significant rise in professionals seeking opportunities overseas underscore the urgency of this initiative. Many experienced medical professionals are leaving, jeopardizing the sustainability of state healthcare services. The GMOA is advocating for comprehensive solutions to address these challenges. The solutions proposed include addressing unpaid allowances, particularly those related to Extra Duty payments, ensuring prompt disbursement of owed back payments, and streamlining the claim processes for these allowances to simplify the experience for medical staff. 2. Enhancement of Service Facilities, Environment, and Transportation. To ensure uninterrupted health service delivery, it is vital to provide medical professionals with suitable work environments and necessary facilities 24/7. The proposal calls for improvements in residential, educational, and transport needs for health professionals through government intervention, including access to low-interest loans. 3. Fair Tax Policy. The association highlights the need for a fair tax burden for salaried professionals, separating employment income from business profits. They suggest the establishment of a tax-free allowance for Extra Duty payments, thereby classifying them as non-monetary benefits, and call for adjustments to the income tax thresholds. 4. Targeted Support for All Medical Categories. Recognizing the challenges faced by specialist medical officers, the proposal calls for incentives that align with professional commitment and the increasing demand for healthcare services. Academic allowances and other targeted support measures should be established to meet these needs effectively. 5. Recognization of Healthcare’s Role in Economic Growth. The investments made in healthcare directly contribute to national human capital development and enhance the potential for generating foreign exchange through medical tourism. Furthermore, there is a recommendation to establish Centers of Excellence for medical tourism, promoting Sri Lanka as a leading destination for healthcare services globally. The GMOA advocates that maintaining the free healthcare system is a national responsibility. Therefore, to retain healthcare professionals, improve hospital infrastructure, and secure the quality and continuity of state health services, immediate policy interventions are essential. The association holds confidence that by implementing these proposals through the 2027 budget, the stability of the public healthcare system will be ensured and the professional integrity of medical practitioners along with the excellence of the free healthcare services provided to the public will be significantly reinforced. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad