
බදුල්ල ධර්මදූත හා රිදීමාලියද්ද විදුහල්වලට අංග සම්පූර්ණ ක්‍රීඩාපිටි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ග්‍රාමීය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙනඒමේ අරමුණෙන් ආරම්භ කර ඇති පාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත හා මහියංගනය රිදීමාලියද්ද විදුහල්හි ඉදිකිරීමට නියමිත ක්‍රීඩාංගණ සඳහා මුල්ගල තැබීම ඊයේ (10) සිදුවිය. ඒ අනුව බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ක්‍රීඩාංගණය සඳහා රුපියල් මිලියන 76.5ක මුදලක් වැයකිරීමට අපේක්ෂිතය. එමෙන්ම රිදීමාලියද්ද විදුහලේ නව ක්‍රීඩාංගණයද රුපියල් මිලියන 79.8ක මුල්‍යමය ප්‍රතිපාදන මත ඉදිකිරීමට සැලසුම්කර ඇත. මෙම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය මගින්, දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමටත්, කලාපීය ක්‍රීඩා පහසුකම් උසස් මට්ටමකට ඔසවා තැබීමටත් අපේක්ෂිතය. මුල්ගල් තැබීමේ අවස්ථා සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Google AdSense
In-Article Ad

