
විනිසුරු වයස ගැන මහ නාහිමිවරුන්ගේ ලිපිය ලැබුනා.. අපි ගොස් තේරුම් කලාට පසු උන් වහන්සේලා ආශිර්වාද කලා..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර තමා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මහානායක හිමිවරුන් බැහැදැක රජයේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කළ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. එහිදී අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහානායක හිමිවරුන් හමුවී, නඩු ප්‍රමාදය අවම කිරීම, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සහ විනිසුරුවරුන්ගේ පහසුකම් නැංවීම ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේම සිදු කිරීමට නියමිත පුළුල් ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. යම් පාර්ශවයක් විසින් එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය සිදුකරන බවට මහානායක හිමිවරුන් වෙත වැරදි තොරතුරු ලබා දී තිබූ බවත්, රජය විසින් මහේස්ත්‍රාත්වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දක්වා වූ සමස්ත විනිසුරුවරුන් 400කට පමණ බලපාන පරිදි මෙම තීරණය ගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. රජය විසින් ඉදිරිපත් කළ මෙම කරුණු කෙරෙහි මහානායක හිමිවරුන් අවධානය යොමු කළ බව ද නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

