
ඇතුලේ ඉඳන් එළියට ආපු චරිත්ගෙන් බරපතල හෙළිදරව් රැසක්!
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
තමන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන තමන්ව උසාවියෙන් වැරදිකරු කිරීමටත් පෙරම වැරදිකරුවෙකු බවට පත්කළ බවත්, තමන් වෙනුවෙන් පෙනී නොසිටි කිසිවෙකු වෙනුවෙන් මින් ඉදිරියට කිසිවිටෙකත් පෙනී නොසිටින බවත් සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ, යූටියුබ් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවක අදහස් දක්වමින්. තමන්ව එළියේදී වීරයන් ලෙස සැලකූ පිරිස් අතුරින් තමන් වෙනුවෙන් පෙනී සිටියේ එක්කෙනෙකු හෝ දෙන්නෙකු පමණක් බව පෙන්වා දුන් ඔහු, තමන්ට එල්ල වූ ප්‍රහාරය පිටුපස යම් පිරිසක් බලාපොරොත්තු වූ අරමුණ ඉටුකර ගැනීමට වඩාත්ම උපකාර කළේ තමන්ගේම යැයි සිතූ පිරිස බවද අවධාරණය කළා. තමාට එල්ල වී ඇති අපරාධ චෝදනාවලට අදාළ 2023 වසරේදී තමන් සමගි ජන බලවේගයේ කිසිදු ක්‍රියාකාරකමකට සම්බන්ධ වී නොසිටි බවත්, තමන් සජබය හා එක්වූයේ 2024 නොවැම්බර් මාසයට ආසන්න කාලයකදී බවත් ඔහු මෙහිදී කියා සිටියා. එම චෝදනා එල්ල වන වකවානුවේදී තමන් සිරස ටීවී හි ‘Money Drop’ වැඩසටහන මෙහෙයවූ නියෝජිතයා ලෙස කටයුතු කළ බව සඳහන් කළ ඔහු, තමන් කිසිවිටෙකත් පාතාල සාමාජිකයන් සමග සබඳතා පවත්වා නොමැති බවද සඳහන් කළා. කලාකරුවෙකු ලෙස විදෙස් ප්‍රසංගවල නිවේදනය සහ මෙහෙයවීම් සඳහා සහභාගී වූ අවස්ථාවලදී ඩුබායි සහ සිංගප්පූරුව වැනි රටවලදී නොයෙක් තරාතිරමේ පුද්ගලයන් මුණගැසුණු බවද ඔහු සඳහන් කළා. ජාතික ජන බලවේගයට සම්බන්ධ කලාකරුවන් වන ජගත් මනුවර්ණ සහ නාමල් ජයසිංහ වැනි පිරිස් සමග තමන්ට සමීප මිතුදමක් තිබූ බවත්, යහපත් සමාජයක් උදෙසා සමාජ ශෝධකයන්ගේ අවශ්‍යතාව පිළිබඳව ඔවුන් සමග මතවාදීව සාකච්ඡා කළ බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම ගාලු මුවදොර අරගල සමයේදී තමන් පදිංචිව සිටි කිරුලපන ‘Edmonton Residencies’ හි පිහිටි සේවා අපාට්මන්ට් (Service Apartment) පරිශ්‍රය අරගලයේ ප්‍රධාන සාකච්ඡා මධ්‍යස්ථානයක් ලෙස භාවිත වූ බවද ඔහු අනාවරණය කළා. විදුලිය විසන්ධි නොවන එම නිවසේ රූෆ් ටොප් (Rooftop) පරිශ්‍රයට නාමල් ජයසිංහ, උදුල් ප්‍රේමරත්න සහ ජගත් මනුවර්ණ ඇතුළු පිරිස එක්ව “මිනිහෙක් වෙනුවට සිස්ටම් එකක්” යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වූ බවද ඔහු පැවසුවා. සිය පවුල් පසුබිම පිළිබඳ කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ, තම මව්පියන් දෙදෙනාම හොරණ ප්‍රදේශයේ පාර්ශ්වයන් බවත්, සිය සීයා ‘ඇන්ඩි අප්පුහාමි’ ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි බවයි. හොරණ, කුළුපන සහ ගල්ලෙදණ්ඩගොඩ යන ප්‍රදේශවල අබේසිංහ පවුල පාරම්පරිකව ප්‍රසිද්ධියක් උසුලන අතර, තම පවුල මුල සිටම එක්සත් ජාතික පක්ෂ (UNP) මතවාදය නියෝජනය කළ බවද ඔහු පැවසුවා. තමන් දේශපාලනයට පිවිසි ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සමීප මිතුරන් දෙදෙනෙකුගේ දැඩි උනන්දු කරවීම මත නිවසට පැමිණ බිරිඳගේ ද කැමැත්ත ලබාගෙන නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ බවයි. පසුගිය ජූනි මාසයේදී හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට පත්වන අල්ලස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම් කර තිබූ හර්බි නැමැත්තා හමුවූ ආකාරය විස්තර කරමින් ඔහු සඳහන් කළේ, “මම එයාව අදුරන්නේ සංගීත ප්‍රසංගයකින්. මට එයා ආරාධනා කරපු එකක් නෙවෙයි. 2023 ඩුබායිවල එකක්. එතනදී එයා ස්පොන්සර් කරලා තිබ්බා මිහිඳු ආරියරත්නව. මිහිඳු ආරියරත්න ස්ටේජ් එකෙන් බැස්සට පස්සේ මම යන්න හිටියේ. මිහිඳුගේ අතින් කියවෙන්නේ නෑ මෙයාගේ නමයි කම්පැනියේ නමයි. මට මේක එයා එහා පැත්තෙ ඉදන් කිව්වා “බලන්න මල්ලි මූට සලලි දීලා ගෙනල්ලත් මගේ නම කිව්වේ නෑ ස්ටේජ් එකේ” කියලා. මම ඇහුවා ඔයාගේ නම මොකක්ද? කම්පැනියේ නම මොකක්ද කියලා. ඊටපස්සේ මම ස්ටේජ් එකේ කිව්වා. ඊට පස්සේ හිතවත් වුණා මාර විදිහට..”
Google AdSense
In-Article Ad

