FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අස්වැසුම මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනා යළි රිමාන්ඩ්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක මුදලක් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර මුදල් වංචාවක් සිදු කල එම කාර්යාලයේ අංශභාර නිළධාරිනියන් දෙදෙනා ලබන 25 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා ලබාදුන් නියෝගයක් මතයි. අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත පසුගියදා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණා. .

Google AdSense

In-Article Ad