FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දර ලිපේ උයන්න බය කලොත් ජනතාව ගෑස්, විදුලි ලිප් වලට ඇවිත් බලශක්ති ගැටළුවක් එයි..- සෞඛ්‍ය අමාත්‍යංශය

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ආහාර පිසීම සඳහා දර භාවිතය සම්බන්ධයෙන් පළවන නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා හේතුවෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්විය හැකි බවත්, එය මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ බරපතළ ගැටලු නිර්මාණය කිරීමට හේතු විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, වැරදි සහගත මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් දර භාවිත කරන විශාල පිරිසක් එකවර ගෑස් හෝ විදුලිය භාවිතයට යොමු වුවහොත්, එමගින් බලශක්ති ක්ෂේත්‍රය මත දැඩි පීඩනයක් ඇතිවිය හැකි බවයි. විශේෂයෙන්ම දර පහසුවෙන් සපයාගත හැකි සහ එය ආරක්ෂිතව මෙන්ම නිවැරදිව භාවිත කරන පිරිස්වලට, දර භාවිතය අත්හැරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර හා වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බලා ඇත. මහජන සෞඛ්‍යය නංවාලීම සඳහා විශේෂඥයන් ලබාදෙන විද්‍යාත්මක කරුණු, එහි මුල් අර්ථය වෙනස් වන පරිදි වාර්තා කිරීමෙන් ජනතාව නොමඟ යන බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේ සත්‍ය තොරතුරු කඩිනමින් ජනතාවට පැහැදිලි කර දීමේ අවශ්‍යතාව සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධ නිල තොරතුරු ඉදිරියේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිතය. සෞඛ්‍යයට අදාළ තොරතුරු වාර්තා කිරීමේදී කරුණු විකෘති කිරීමෙන් වැළකී සිටීම සියලුම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලවල වගකීමක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. Health Ministry Warns of Misinformation on Use of Firewood The Health Ministry has issued a warning regarding misleading media reports about the use of firewood for cooking, highlighting the potential for unnecessary public panic and the risk of exacerbating serious issues within the energy sector. Officials pointed out that if a significant number of people shift from using firewood to gas or electricity due to erroneous media promotions, it could place immense pressure on the energy sector. Such a transition, driven by misinformation, could destabilize supply and increase demand disproportionately. Furthermore, the ministry emphasized that for those who have easy access to firewood and use it safely and correctly, there are no valid reasons to abandon its use. The officials clarified that accurate information is crucial to ensure public understanding and correct any misconceptions. A detailed discussion took place recently between Dr. Chandani Withana, Director of Environmental and Occupational Health at the Health Ministry, and Lakshmenendra Damayanthakumara, Senior Assistant Secretary at the Ministry of Mass Media, where the issue was thoroughly examined. Authorities indicated that the scientific insights provided by experts aimed at promoting public health should not be misrepresented in a way that alters their original meaning, thus leading the public astray. In light of this situation, the necessity to communicate accurate information promptly to the public was discussed, and it is anticipated that official updates will be released to the media soon. The Health Ministry also reiterated that avoiding distortion of facts when reporting health-related information is a responsibility shared by all media and social media platforms. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad