FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තවත් වසර තුනකින් වී අස්වැන්න වැඩි කලාම ගොවියාගේ ලාභය වැඩිවෙනවා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ඉල්ලා ගොවීන් මේ වන විට උද්ඝෝෂණවල නිරත වන බවයි. තමන් ලබන ආදායම ජීවන වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ගොවීන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත්, වී කිලෝවක මිල ඉහළ දැමීමට වඩා අක්කරයකින් ලබාගන්නා අස්වැන්න ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව දැනට අක්කරයකින් ලැබෙන කිලෝග්‍රෑම් 2000ක පමණ අස්වැන්න, ඉදිරි වසර තුන ඇතුළත කිලෝග්‍රෑම් 2500ත් 3000ත් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම හරහා නිෂ්පාදන පිරිවැය අවම කර ගොවියාට වැඩි ලාභයක් අත්කර දීම රජයේ මූලික අරමුණ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad