
වැස්ස නිසා ආදායම සැරටම බහී...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ , සාමාන්‍ය දිනවල තම ඩිපෝව මගින් දුර සහ කෙටි දුර බස් රථ 75 ක් ධාවනයට එක් කරන බවයි . එම අවස්ථාවල මගීන් 18000-26000 ක් පමණ තම ඩිපෝවේ බස් රථවල ගමන් කලද පවතින දැඩි වර්ෂාවත් සමග ගත වූ 03/04/05 යන තෙදින තුල දිනකට මගීන් 9218 – 10000 ත් අතර ප්‍රමාණයක් ගමන් කිරිම නිසා මෙම ආදායම් තත්වය පහළ වැටී ඇති බවයි ඩිපෝ කලමණාකාරවරයා කියා සිටියේ . පවතින අයහපත් කාලගුණයත් සමග පාසල් නිවාඩු ලබා දීම , මගීන් නිවෙස්වලින් බැහැර නොවීම හේතුවෙන් මෙම මගීන් සංඛ්‍යාව අඩු වී ඇති බවයි . තවද , තම ඩිපෝවේ සේවකියන් 328 දෙනෙකු සේවය කරන බවත් , ඔවුන්ට මේ මස වැටුප ගෙවීමට අවශ්‍ය රු . ලක්ෂ 138 ක පමණ මුදල මේ වන විට උපයාගෙන ඇති බවද ඩිපෝ කළමණාකාරවරයා වැඩි දුරටත් පැවසීය .
Google AdSense
In-Article Ad

