FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වුවමනා වූ පමණින් පළාත් සභා ඡන්දය තියන්න බෑ...- නලින්ද

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට අවශ්‍ය වූ පමණින් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, ඒ සඳහා පවතින නීතිමය බාධා ඉවත් කර සීමා නිර්ණය කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. හිරු පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජයේ අමාත්‍යවරුන් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාවට විවෘත කර ඇති බවයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීමට ද රජය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, මැතිවරණය පැවැත්වීමට නම් අදාළ නීති රීති නිසි පරිදි සම්මත විය යුතු අතර සීමා නිර්ණය කටයුතු ද අවසන් විය යුතු බව අවධාරණය කළේය. එම නීතිමය රාමුව සකස් වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය. Government Minister Calls for Urgent Resolution of Legal Barriers to Provincial Council Elections Health and Media Minister Dr. Nalinda Jayatissa emphasized the necessity for immediate action to eliminate existing legal obstacles preventing the conduct of provincial council elections. He stated that such elections cannot proceed merely at the government's or the President's discretion. Speaking during an interview with Hiru News, the Minister pointed out that, for the first time in history, current government ministers have openly declared their assets and liabilities to the public. He also indicated that the government is looking to implement legal amendments to enhance the efficiency of the Commission to Investigate Allegations of Bribery or Corruption. Addressing practical issues surrounding the provincial council elections, the Minister clarified that proper legal procedures must be established for the elections to take place, and boundary delimitation processes must be finalized. Dr. Jayatissa confirmed the government's readiness to hold provincial council elections as soon as the legal framework is established. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad