FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විමල්, උදය, දිලිත්, සුගීෂ්වර අධිකරණයට අපහාස කරලා.. ඉදිරි පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත දැනුම් දීමට තීන්දු කරයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සහ විරෝධතා මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා (05) තීරණය කළේය. මෙලෙස අධිකරණයට අපහාස කළ බවට තීරණය කෙරුණේ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, හිටපු ජනාධිපතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන පිරිසට එරෙහිවයි. පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන සුරේෂ් සලේ ගේ රෝගී තත්ත්වය පිළිබඳව නියෝගයක් ලබාදීමට 2026 ජූනි මස 10 වනදා නියම කර තිබුණි. එහෙත් ඊට පෙර, එනම් ජූනි මස 07 වනදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වෙමින් සහ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් මොවුන් අධිකරණයට අපහාස කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ, අදාළ පිරිස 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝනය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මෙම තීරණය අභියාචනාධිකරණය වෙත දැනුම් දීමට ද කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

Google AdSense

In-Article Ad