FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රුමේෂ් තරංග ලෝකෙන්ම එක වෙයි.. ඔලිම්පික් රන් පදක්කමක් ලගම පෙනේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත්වෙමින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවා ඇත. මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වන අතර, ජාත්‍යන්තර හෙල්ල විසිකිරීමේ ඉසව්වකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් ප්‍රථම අවස්ථාව ද මෙය වේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඔහු ප්‍රදර්ශනය කළ අතිවිශිෂ්ට දක්ෂතාවය මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ යාමට සෘජුවම බලපා තිබේ. රුමේෂ් තරංග වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවීමත් සමඟ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ගැනීමට ඇති අවස්ථාව ඉතා ඉහළ මට්ටමක පවති. වසර ගණනාවකට පසු ඔලිම්පික් පිටියේදී ශ්‍රී ලංකා ධජය ඉහළින්ම ඔසවා තැබීමට ඇති මෙම ස්වර්ණමය අවස්ථාව පිළිබඳව මෙරට ක්‍රීඩා ලෝලීන් තුළ දැඩි උනන්දුවක් හා බලාපොරොත්තුවක් ඇති වී තිබේ.

Google AdSense

In-Article Ad