FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ‍්‍රීපාද මාර්ගය ඇහැල කණුව ලගින් නාය යයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ඇහැල කණුව ප්‍රදේශයේ සිදුව ඇති පස් කදු කඩා වැටිමකින් එම මාර්ගය අවහිරවි ඇත . මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ඇහැල කණුව අසල පස් කන්දක කොටසක් එම මාර්ගයට කඩා වැටිමෙන් මාර්ගය අවහිරවි ඇති බවත්ය . මෙසේ මාර්ගයට කඩාවැටි ඇති පස් ඉවත් කර එම මාර්ගය යථා තත්වයට පත් කිරිමට නිලධාරින් පිරිසක් එම ප්‍රදේශයට යැවිමට පියවර ගත් බවද ප්‍රදිප් වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය . - මනුර සුදත් සෙල්ලහේවා

Google AdSense

In-Article Ad