FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රජය ගොවීන්ගෙන් වී අරන් සල්ලි දීල නෑ...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම ව්‍යාපාරයේ නිලධාරීන් සහ ගොවි නියෝජිතයන් කියා සිටියේ, වී කිලෝවක් සඳහා දැනට නියම කර ඇති රුපියල් 120ක මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. එසේම, රජයේ ගබඩාවලට ලබාදුන් වී සඳහා ද මෙතෙක් මුදල් ගෙවා නොමැති බවත්, ඒ පිළිබඳව බැංකුවලින් විමසූ විට රජයේ ගිණුම්වල මුදල් නොමැති බව පවසන බවත් ඔවුහු චෝදනා කරති. ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ වී මිල වැඩි කිරීමට නොහැකි නම්, පොහොර මල්ලක මිල රුපියල් 5,000 දක්වා අඩු කර ඕනෑම ප්‍රදේශයකින් ලබාගත හැකි පරිසරයක් සකස් කරන ලෙසයි. කෘෂි උපකරණ සහ කෘෂි රසායන ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන වියදම දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව පෙන්වා දෙන ගොවි නියෝජිතයන්, එම වියදම් කඩිනමින් පහත හෙළීමට රජය පියවර ගත යුතු බව අවධාරණය කළහ. එසේ නොමැති වුවහොත් දිවයින පුරා සිටින ගොවීන් ඒකාබද්ධ වී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවට ද ඔවුහු අනතුරු ඇඟවූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගොවි නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළහ. වත්මන් රජය මෙරට කෘෂිකර්මාන්තය විනාශ කිරීමට කටයුතු කරන බවත්, ඉතිහාසයේ කවරදාකවත් මෙවැනි තත්ත්වයක් උදා වී නොමැති බවත් ඔවුහු පැවසූහ. එසේම ගොවි සංවිධානවල කටයුතු සඳහා රජය මැදිහත් වී ට්‍රැක්ටර් රථ ලබාදිය යුතු බව ද ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ. මෙම මාධ්‍ය හමුව සඳහා වලව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයේ සභාපති සේන රත්නායක, ප්‍රධාන ලේකම් නන්දා රණසිංහ සහ උප ලේකම් ජයදේව ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Google AdSense

In-Article Ad