FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හමුදාව සාමාජිකයන්ට විශේෂ දීමනාවක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවෙන් ඉහළ සන්නද්ධ හමුදාවක් ලෙස ලෝකයේ කටයුතු කිරීමට ඉහළ විභවතාවක් පවතින බවත්, ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට එක් වෙමින්. 2026 වසර සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 530ක සමස්ත ප්‍රතිපාදන වෙන් කර ඇති අතර,ඉන් බිලියන 379ක් පුනරාවර්තන වියදම් ලෙසත්, බිලියන 151ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් වෙන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩෙට් නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා. අධ්‍යාපනික සහ ධාරිතා සංවර්ධනයට අවශ්‍ය ආයතන පද්ධතිය ගොඩනැංවීම සහ ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර සඳහා හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබා ගැනීම සහ ඒ සඳහා විශේෂ දීමනාවක් ගෙවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ආපදා සහන සේවා සහ ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සඳහා 2027 වසරේදී වැඩි අවධානයක් යොමු කිරීමටත්, දිට්වා ආපදා තත්ත්වය යටතේ නිවාස හා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා වෙනම ප්‍රතිපාදන වෙන් කිරීමටත් සාකච්ඡාකර තිබෙනවා. .

Google AdSense

In-Article Ad