FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලංකාව දැන් ඉන්න තැන

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ට්‍රිපල් සී ප්ලස් මට්ටමට පැමිණ ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය මැනීමේ හොඳ මිනුමක් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දුන්නේ. “ලෝකයේ ණය ශ්‍රේණිගත කරන ආයතන, ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීමක් දක්නට ලැබෙනවා. අපි දන්නවා අපි ‘Default’ ස්වරූපයක හිටියේ. දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා, මේ වෙනකොට CCC+ කියන තත්ත්වයට අපි ඇවිත් තියෙනවා. ඉතින් ණය ශ්‍රේණිගත කිරීම තුළ ලංකාව ඉහළට එසවීම, රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ හොඳ මිම්මක්. සාර්ව ආර්ථිකය තුළ මූල්‍ය කළමනාකරණය, ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය තුළ හිඟය අඩුවීම, අතිරික්තය නිර්මාණය වීම, ඒ වගේම රජයේ ණය ගැනීම් ක්‍රමක්‍රමයෙන් අඩුවීම… මෙන්න මේ කියන කරුණු කාරණා විශ්ලේෂණාත්මකව විමර්ශනය කරලා තමයි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් තුළ ඉහළ තලයකට ගමන් කරලා තියෙන්නේ. දැන් ලංකාවට විදේශ මූල්‍ය වෙළඳපොළ තුළ ණය ගැනීමට හෝ ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. මේ ශ්‍රේණිගත කිරීම් තුළ ලෝකයාට පණිවිඩයක් දෙනවා. එකක් තමයි ලංකාව ආයෝජන අවස්ථා අතින් හොඳ රටක්. අනිත් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වෙනවා. අනාගතයේ ණය පිළිබඳ අර්බුදයක් එන්නේ නැහැ කියලා, ඒක ලංකාව සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඇත්තටම ධනාත්මක තත්ත්වයක් විදිහට තමයි අපි දකින්නේ.” .

Google AdSense

In-Article Ad