
‘අපිත් අඩු ආදායම්ලාභී පවුලක් විදිහට ජීවත් වුණේ... ගෙයක්වත් තිබුන්නෑ..’ - ඇමති සමන්ත
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උත්සවයක් අමතමිනි. එහිදී සිය අතීතය පිළිබඳව සංවේදී අතීතාවර්ජනයක යෙදුණු අමාත්‍යවරයා, තම මව රුපියල් 7,500ක නිවාස ණය මුදලක් ලබාගෙන නිවසක් තැනීමට ගත් උත්සාහය පිළිබඳව විස්තර කළේය. පාසල් යන වයසේ පසුවූ තමන් ඇතුළු දරුවන්, මව සමඟ එක්ව කන්ද උඩින් ගල් පෙරළාගෙන විත්, ගඩොල් කපා, ඔයෙන් වැලි ගොඩ දමා එම නිවස ඉදි කළ ආකාරය ඔහු සිහිපත් කළේය. එම ණය මුදල පියවීම සඳහා වසර ගණනාවක් පුරා මහත් වෙහෙසක් දැරීමට සිදු වූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම අත්දැකීම් පදනම් කරගනිමින් වත්මන් රජයේ අරමුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" නිර්මාණය කිරීම සඳහා කැපවී සිටින බව අවධාරණය කළේය. රටේ පවතින නාස්තිය සහ දූෂණය නතර කර, දේශපාලනඥයන් භුක්ති විඳින අනවශ්‍ය සැප සම්පත් කප්පාදු කර ජනතාවට සහන සැලසීම තම රජයේ ප්‍රමුඛතම කාර්යය බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
Google AdSense
In-Article Ad

