
මාළු මිලත් ඉහළ ගියේ එල්-නීනෝ නිසාද? මත්ස්‍ය වෙළදුන්ගෙන් උත්තර
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
මෙම කාලසීමාව තුළ මාලු මිල පහළ යායුතු වුවත් වෙළදපොලේ මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම තමන්ටද ගැටළුවක් බව මත්ස්‍ය වෙළද සංගම් පවසනවා. වෙළදපොළේ මාලු මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සමග සිදුකළ සංවාදයකදි මෙම අදහස් පළා ප්‍රශ්නය : “මේ වන විට මාළු මිල ගණන් තත්ත්වය පිළිබඳව යම්කිසි වැඩිවීමක් තියෙනවා. පාර්ශව රැසකින් කතාබහට ලක්වීමකුත් වෙලා තියෙනවා මේ ‘එල්නිනෝ’ තත්ත්වයත් එක්ක ඉදිරියට මාළු මිල වැඩි වෙන්නත් පුළුවන් කියන එක. ඒ වගේම තමයි වර්තමානයේ තියෙන තත්ත්වය මොකක්ද? ප්‍රධානම හේතුව මේ සම්බන්ධයෙන් තියෙන්නේ?” පිළිතුර: “පෑලියගොඩ තොග මත්ස්‍ය සංකීර්ණයේ මාළුන්ගේ මිල ඉහළ පහළ යන්නේ ලැබෙන තොග ප්‍රමාණය අනුව. මේ දවස්වල තොග ප්‍රමාණය අඩුයි මාළු, ලැබෙන තොග. තොග වැඩිපුර ලැබෙනකොට මිල අඩුයි. සාමාන්‍යයෙන් මෙහෙම සැලකිල්ලට ගත්තොත් ගණන් බැස්සා. රුපියල් 1,000 ගණන්වල තිබුණු එක රුපියල් 650ට, 700ට බැස්සා ගණන් මේ දවස්වල. ආනයනික සාලයා රුපියල් 1,000ට තිබුණු සාලයා රුපියල් 700ට වගේ බැස්සා. අනිත් මාළු වර්ගත් සාමාන්‍යයෙන් තලප තොගයක් රුපියල් 2,200යි, කොප්පරා රුපියල් 3,000යි, කෙලවල්ලෝ රුපියල් 2,000යි, හුරුල්ලෝ රුපියල් 1,300යි, කුඹලාවෝ 1,200යි. සමහර මාළු වර්ග ගොඩක් ඉහළ තත්ත්වයේ පවතිනවා. නමුත් මීට වැඩිය මාළු මිල බැහින්න කාලයක් තමයි මේක. නමුත් මිල බැහින්නේ නැති එක අපටත් තියෙන ලොකුම ගැටලුව.” ප්‍රශ්නය : “මේ මොහොතේ මේ මිල ගණන් වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට මොකක්ද බලපාලා තියෙන්නේ?” පිළිතුර: “අපට කියන්න දැන් ‘එල්නිනෝ’ කියන තත්ත්වය නම් සාමාන්‍ය මතයක් විතරයි. සමහර විට ඉදිරි කාලයේදී සමහරවිට තව හිඟ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර විට මීට වැඩිය මිල බැහින්නත් පුළුවන් තොග වැඩි වුණොත්. නමුත් දැන් තියෙන තත්ත්වය අර මුහුදේ තියෙන කුණාටු රළු භාවයත් එක්ක තමයි මාළු ඉහළ පහළ යාම තියෙන්නේ. අර මාළු සම්පත අඩු නිසා තමයි මිල නැඟලා තියෙන්නේ. දැන් ආයෙපොත් මේ කුණාටු තත්ත්වයක්, මුහුද රළු බවක් කියලා නිතරම කියනවා. ඒ නිසා තව දින දෙකකින් තව තව පොඩ්ඩක් මිල ඉහළ යන්න පුළුවන්.” ප්‍රශ්නය : “ඔවු, දැන් පසුගිය කාලසීමාව තුළ එල්නිනෝ තත්ත්වයේ ලොකු බලපෑමක් ආවේ නැහැනේ, යම්කිසි මිල වැඩිවීමක්…” පිළිතුර: “නැහැ, ඒ ඒ වාරකන් කාලයේ මුහුදේ කුණාටු තිබුණා. ඒ කුණාටු නිසා තමයි මේක ගියේ. එල්නිනෝ තත්ත්වය ඉදිරියට තමයි බලපානවා කියලා තියෙන්නේ, ඒ මතයක් තමයි තියෙන්නේ. ඒක කොහොම වෙයිද කියන්න බැහැ. සමහර විට සී… මීට වැඩිය තව මිල ඉහළ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට මිල වැඩිවෙලා මිල බැහින්නත් පුළුවන්. ඒක අර මුහුදේ තියෙන වතුරවල උෂ්ණත්වය ඉහළ පහළ යාම නිසා තමයි වෙනස් වීමක් වෙන්නේ.” ප්‍රශ්නය : “ඔබතුමාලා සාපේක්ෂව බැලුවොත් දැනට සූදානම කොහොමද? ඒ කියන්නේ මොනවා හරි තත්ත්වයක් ආවොතින් ඉදිරියට මුහුණ දෙන්න සූදානම කොහොමද තියෙන්නේ?” පිළිතුර: “අපට එහෙම කියන්න අමාරුයි. මේ තොග වෙනස එදිනෙදා ලැබෙන සම්පත එදිනෙදා විකුණලා ඉවර කරගන්නවා. නමුත් තියෙන තත්ත්වය තමයි සම්පත වැඩි කාලෙට මේක ගබඩා කරගැනීමේ හැකියාව. ඒකට තියෙන පහසුකම් මදියි. ඒකට හේතුව තමයි දැන් තියෙන මේ ලයිට් බිල්, වතුර බිල් තත්ත්වය නිසා ශීතාගාරවල තියෙන අධික මිළක් එක්ක මාළු ගබඩා කර ගැනීමේ හැකියාව… අධික වියදමක් යනවා. ඒ නිසා ගබඩා කිරීමේ හැකියාවකුත් නැහැ. මොකද අධික කරන්ට් බිලක් එක්ක යනකොට ලොකු වියදමක් යනවා මාළු ගබඩා කර තියෙන්නේ, ශීත කරලා තැබීමට. ඒ නිසා එදිනෙදා මාළු විකුණලා ඉවර කරනවා. අනික් කරවල මිලත් සෑහෙන්න ඉහළ තත්ත්වයේ පවතිනවා. කරවල මිලත් ගොඩක් වැඩිවෙලා තියෙනවා මාළු හිඟය නිසා.” .
Google AdSense
In-Article Ad

