FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන තවත් ජාවාරමක් නීතියේ රැහැනට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යාම සදහා ස්ථාන දෙකක සගවා තිබූ හක් බෙල්ලන් කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය විසින්. කල්පිටිය – පුදුකුඩිරිප්පුව සහ වන්නිමුන්දලම ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. නාවික හමුදාවේ කල්පිටිය විජය කදවුරේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කල්පිටිය – පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේ නිවසක සගවා තිබූ හක් බෙල්ලන් උර 30 ක් පළමුව සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. එම නිවසේ හිමිකරුද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ කල්පිටිය – වන්නිමුන්දලම ප්‍රදේශයේ සගවා තිබූ තවත් හක් බෙල්ලන් උර 16 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව පොලිස් භාරයට ගෙන ඇති උර 46 තුළ හක් බෙල්ලන් 4000 කට ආසන්න ප්‍රමාණයක් අසුරා තිබූ බවද පොලීසිය පැවසුවා. මෙම හක් බෙල්ලන් තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දීය සීමාවට රැගෙන ගොස් ඒවා භාර දී නීති විරෝධිව භාණ්ඩ තොගයක් මෙරටට ගෙන ඒමට සුදානම් කර තිබූ බව අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රකාශ කළ බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. .

Google AdSense

In-Article Ad