FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන එන පිරිස ගැන අනාවරණයක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ වැටලීම් 55 ක් සිදු කර සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන හතරයි දශම පහක් වන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට අඩු වයස්වල පිරිස් වර්තමානයේ වැඩි වශයෙන් යොදා ගන්නා බවත් මත්ද්‍රව්‍ය රැගෙන එන අයට සමාජරෝග ඇති බවත් එහිදී අනාවරණ වූ බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. මේ අතර ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ජාවාරම්කරුවන්ට ඉඩ නොතබන බවද ශ්‍රී ලංකා රේගුව අවධාරණය කරනවා. ගුවන් ගමන්වලදී කිසිදු අයුරකින් තමන්ට අයත් නොවන පාර්සලයක් හෝ බෑගයක් රැගෙන යාමට කටයුතු නොකරන ලෙසයි රේගුව ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ පිළිබඳ මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂක නුවන් අබේනායක මහතා වැඩිදුරටත් කරුණු දැක්වූවා. ”‍ගිය සති දෙක වගේ කාලයේදී අපි හඳුනාගත්තා වයස අඩු පිරිස මේ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගන්නවා. ඒ වගේම විශේෂිත වූ ලෙඩ සහිත පුද්ගලයින්… ඒ කියන්නේ නිලධාරීන් ඒ ඒ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සිදුකරන විට ඒකට එක්ස්පෝස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි ගිය සතියේ අත්අඩංගුවට ගත්ත එක සැකකරුවෙකුට එච්.අයි.වී. වැළඳිලා. ඒගොල්ලෝ ජීවිතය පිළිබඳ සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු අතහැරලා මේ වගේ ක්‍රියාවන්වලට නිරත වෙනවා. ඉතින් අපි දකිනවා ඒ වගේ ට්‍රනේඩ් එකක් දැන් තියෙනවා. ඒ කියන්නේ තෝරාගන්නා… ඒගොල්ලෝ හිතනවා ඇති ඉතාම පහසුවෙන් මේ නිලධාරීන්ව නොමග යවමින් එහෙම මත්ද්‍රව්‍ය මේ වගේ කුඩා ළමුන් හරි, වයස අඩු පිරිස හරි, වයස වැඩි, විශේෂ ආබාධිත පිරිස අය හරහා මේක ලංකාවෙන් පිටමන් කරන්න පුළුවන් කියලා. හැබැයි අපි පාවිච්චි කරන නව ක්‍රමවේද යටතේ අපි මේගොල්ලන්ව පික් කරනවා එයාපෝට් එකේදි”‍ .

Google AdSense

In-Article Ad