
කංජිපානි මැලේසියාවේ සිටි තැනින් මාරු වෙලා!; කංජිගේ මුදල් මාධ්‍ය බාරව සිට ඇත්තේ සයිමා
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් (KPI) මැලේසියාවේ රැදී සිටි ස්ථානයෙන් පලා ගොස් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ. ඒ මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා නැමති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු වලට අනුව බව පැවසේ. කංජිපානි ඉම්රාන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම ඉලක්ක කරගෙන මෙරට පොලිස් කණ්ඩායමක් ඉකුත්දා මැලේසියාවට ගිය අතර එහිදී කංජිපානි ඉම්රන් නැමත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සමීපතමයකු වූ රත්මලානේ සයිමා නැමැත්තා මැලේසියානු පොලිසියේ සහාය ඇතිව මෙරට පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබුණි. කෙසේ වෙතත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙරටින් ගිය පොලිස් කණ්ඩායම මැලේසියානු පොලිසිය සමග එක්ව කංජිපානි ඉම්රන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවද අනාවරණය වේ. මැලේසියාවේදී අත්අඩංගුවට ගත් රත්මලානේ සයිමා නැමැත්තා කාලයක් රත්මලානේ කුඩු අංජු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබූ අතර පසුව කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එසේම කංජිපානි ඉම්රාන්ගේ සියලු මුල්‍ය කටයුතු මෙහෙයවා ඇත්තේ සයිමා විසින් බව පැවසෙන අතර ඔහු කංජිපානි ඉම්රාන්ගේ සමාජමාධ්‍ය කටයුතු භාරව ඔහුගේ හ ඬපට සමාජගත කිරීම ද සිදු කර ඇති බව වාර්තා වේ. මේ අතර, පසුගිය වසරේදී කෙහෙල්බද්දර පද්මේට මැලේසියාවේ සැඟවසිටීමට කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත සයිමා විසින් පහසුකම් සලසා ඇතැයිද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.මේ වනවිට කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සැඟවී සිටින බවද පැවසේ. කුඩු අංජු විසින් සයිමා නැමැත්තා ඝාතනය කිරීමේ සූදානමක් තිබී ඇති අතර ඒ පිළිබඳව කංජිපානි ඉම්රාන් විසින් සයිමාට දැනුම්දීමෙන් පසුව ඔහු කංජිපානි සමග හිතවත්ව කටයුතු කර ඇති බවද පැවසේ. පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ සයිමා මැලේසියාවට පැනගොස් ඇත්තේ වසර 10කට පමණ ඉහතදී බවයි. -srilankamirror
Google AdSense
In-Article Ad

