
ජන ජීවිත අනතුරේ හෙළු බාල හෙල්මට් වැටලීමක් – හෙල්මට් 3500 කට වැඩි ගණනක් අල්ලයි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජනතාවගේ ජීවිත පිළිබඳ සැලකිලිමත් වෙමින් ප්‍රමිතියෙන් තොර හෙල්මට් සම්බන්ධයෙන් වැටලීම් 98 ක් පසුගිය දින කිහිපය තුළ සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහිදි හෙල්මට් 431 ක් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය කරගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා දෙකක් කොළඹ අවටින් හදුනාගෙන ඒවායෙහි තිබී ප්‍රමිතියෙන් තොර හෙල්මට් 3520 ක් සොයා ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ. “විශේෂයෙන්ම මහජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ලක් කරලා හෙල්මට් සම්බන්ධව අපි විශාල වැටලීම් සංඛ්‍යාවක් පසුගිය සඳුදා දින සිදුකරනු ලැබුවා. පසුගිය සඳුදා දින වන විට අපි වැටලීම් 98ක් දිවයින පුරාම සිදු කරලා හිස්වැසුම් 431ක් ප්‍රමිතියෙන් තොර බවට අපි හඳුනා ගත්තා. ශ්‍රී ලංකා ප්‍රමිතීන් ආයතනය විසින් මේ වෙනකොටත් නිකුත් කරලා තියෙනවා ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගත යුතු/ගත හැකි හෙල්මට්වල ප්‍රමිතිය සම්බන්ධයෙන්. අප විසින් එම ප්‍රමිතිය නීතිගත කරලා ගැසට් පත්‍රයේ පළ කරලා තියෙන නිසා, අප විසින් එම ප්‍රමිතියෙන් තොර හෙල්මට් වර්ග අත්අඩංගුවට ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට මැදිහත් වීමක් සිදුකරනවා. ඒ අනුව අපිට කොළඹ අවටින් ප්‍රමිතියෙන් තොර හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා දෙකක් අපිට හඳුනා ගැනීමට හැකි වුණා. මේ වන විටත් ඒ කර්මාන්ත ශාලාව තුළ 3,520ක හෙල්මට් ප්‍රමාණයක් අපි අපේ භාරයට අරගෙන අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ නිසා හෙල්මට් භාවිතා කරන ඔබ සියලු දෙනාගේම වගකීමක් වෙනවා ප්‍රමිතියෙන් යුතු හෙල්මට් එකක් භාවිතා කර තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට.” .
Google AdSense
In-Article Ad

