FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

Mr Koththu අවන්හල් ජාලය සම්පූර්ණයෙන්ම වසා දමයි..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

අවන්හල් ජාලයක් වන ‘මිස්ටර් කොත්තු’ (Mr. Koththu) ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව එහි හිමිකරු විරාජ් වික්‍රමනායක මහතා නිවේදනය කරයි. වසර 19ක කාලයක් පුරා මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයක් දිනා සිටි මෙම අවන්හල් ජාලය තවත් දින 14කින් සම්පූර්ණයෙන්ම නවතා දමන බව ඔහු පවසයි. මේ වන විට නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, මාලඹේ සහ පිළියන්දල යන ශාඛා පහ පමණක් විවෘතව පවතින අතර, අවසන් වරට ‘මිස්ටර් කොත්තු’ රස විඳීමට කැමති පාරිභෝගිකයන්ට එම ස්ථාන වෙත පැමිණිය හැකි බව ඔහු සඳහන් කළේය. මීට අමතරව, කිරිිබත්ගොඩ, කඩුවෙල සහ ගොඩගම යන ශාඛාවල පවතින උපකරණ සහ එම ස්ථාන නව ව්‍යාපාරිකයන් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද වික්‍රමනායක මහතා පැවසීය. නව අවන්හල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පිරිස් වෙත එම ස්ථාන ලබා ගැනීමට අවස්ථාව පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය සහාය තමන් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම වසා දැමීමත් සමඟ තවත් දින 14කින් පසුව ඉන්දියානු ආහාර ඇතුළත් නව ව්‍යාපාරික මුහුණුවරකින් යළිත් පාරිභෝගිකයන් හමුවට පැමිණෙන බවට ද ඔහු ඉඟි කර තිබේ. වසර ගණනාවක් පුරා තමන් සමඟ රැඳී සිටි පාරිභෝගිකයන්ට සහ සහාය දැක්වූ සැමට ඔහු සිය ස්තූතිය ද පුද කර සිටියි. Closure of Popular 'Mr. Koththu' Restaurant Chain Announced In a significant development for food lovers, Viraj Vikramanayaka, the owner of the renowned ‘Mr. Koththu’ restaurant chain, has announced the impending closure of the establishment. After 19 successful years serving the Sri Lankan public, the chain will cease operations within the next 14 days. Currently, just five branches remain open, located in Nugegoda, Maharagama, Panadura, Malambe, and Piliyandala. Vikramanayaka confirmed that customers eager to savor their favorite dishes can still visit these locations before the last curtain falls. Additionally, he revealed plans to facilitate the transfer of equipment from branches in Kiribathgoda, Kadawatha, and Godagama to new business owners, extending an opportunity for aspiring restaurateurs looking to enter the culinary scene. Vikramanayaka also emphasized his continued support for those who wish to acquire these locations, suggesting that assistance will be provided to ensure a smooth transition. He hinted that after a brief hiatus, a new venture featuring Indian cuisine may emerge, allowing loyal customers to enjoy fresh offerings once again. Expressing gratitude, Vikramanayaka acknowledged the unwavering support from patrons who have dined with them over the years. As the beloved establishment prepares for its last days, the heartfelt appreciation for the community remains palpable. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad