
රජයේ ආධාර වංචා කල නිලධාරිනියන් දෙදෙනකු අත් අඩංගුවට...
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
ජනතාවට බෙදා දීමට ලැබුණු රජයේ ( අස්වැසුම ) ආධාර මුදල් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් වංචා සහගතව තමන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම් වලට දාමාගත් නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිලධාරිනියන් දෙදෙනකු සැකපිට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය . දිස්ත්‍රික් ලේකම්වරිය සදහන් කලේ නිර්නාමිකව ලැබුණු පෙත්සමක් පිළිබඳව අභ්‍යන්තරව සිදු කල පරික්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිසට අදාල නීති ක්‍රියාත්මක කරන ලෙස හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට (31) දින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා කල පැමිණිල්ලට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුවු බවයි . 2024 වර්ෂයේ දිළිඳු ජනතාවට පළමු අධියරේ ලබා දුන් ( අස්වැසුම ) ආධාර මුදල්වල හිග වාරික ගෙවිම සදහා ලැබුණු මුදල් මෙලෙස අදාල විෂය පිළිබඳව කටයුතු කල නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ කළමනාකරණ සහකාර නිලධාරිනිය සහ වැවිලි ප්‍රජා සංනිවේදන සහකාර නිලධාරිනිය තමන්ගෙ හා ඥාතීන්ගේ ගිණුම් වලට දාමාගන ඇති බව අභ්‍යන්තරව සිදු කල පරික්ෂණවල දි හෙලිවි තිබේ . අදාළ වංචාව සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සුබසාධක මණ්ඩලය විගණන ඒකකය සහ පොලිසිය මගින් සිදු කිරිමට නියමිතය . - රංජිත් රාජපක්ෂ Two Officials Arrested in Welfare Fund Fraud Scheme in Nuwara Eliya In a significant development, two female officials from the Nuwara Eliya District Secretariat have been apprehended by the police over allegations of embezzling welfare funds intended for distribution to the public. This scheme reportedly involved misappropriating approximately 30 million Sri Lankan Rupees, which were deposited into their accounts and those of their relatives. The arrests were noted by District Secretary Tushari Thennekone, who stated that they followed internal investigations prompted by an anonymous complaint. The inquiry revealed discrepancies concerning the distribution of funds from the first quarter of 2024 aimed at assisting impoverished communities. As part of the ongoing investigation, the senior police officers at the Hatton division have been informed to take legal action against the implicated individuals. The initial complaint leading to the arrests was submitted by Samira Gamalath, the local secretary of the Norwood area, highlighting concerns over the handling of welfare funds. In light of this incident, management staff at the Norwood District Secretariat have been implicated as facilitating the fraudulent collection of funds intended for aid programs. Investigations have disclosed that both the management assistant and the community mobilization officer had collaborated in misappropriating these funds. Further inquiries into these fraudulent activities are set to be conducted by the Audit Unit of the Social Welfare Board in conjunction with the police to ensure transparency and accountability in the welfare distribution system. - Ranjith Rajapaksha *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

