FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහර බන්ධනාගාරයේ ගැටුමක්.. ඇතුලේ වෙඩි හඬ ඇසේ...

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ අද (17) සවස් කාලයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් මෙම තත්ත්වයට මුල් වී ඇති බව වාර්තා වේ. බන්ධනාගාරය තුළින් වෙඩි හඬවල් කිහිපයක් ද ඇසී ඇති අතර, ඒ සමඟම බන්ධනාගාරය අවට ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය විය. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථානයට කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සිද්ධිය සැලවීමත් සමඟ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් බන්ධනාගාර ප්‍රධාන දොරටුව අසලට රැස්ව සිටිති. තම ඥාතීන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසමින් ඔවුන් දැඩි ලෙස කලබලයට පත්ව සිටින අයුරු එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේය. ඇතැම් ඥාතීන් හඬා වැටෙමින් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සාහ කළ ද, ආරක්ෂක අංශ විසින් එම උත්සාහයන් වළක්වාලනු ලැබීය. මේ වන විට බන්ධනාගාරය අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ අඛණ්ඩව කටයුතු කරමින් සිටී. තුවාල ලැබූ රැඳවියන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. Violence Erupts at Mahara Prison, Four Inmates Injured Chaos erupted at Mahara Prison this evening, leaving four inmates injured, according to police sources. The disturbance arose from a clash among a group of inmates within the prison facility. Witnesses reported hearing multiple gunshots, creating a tense atmosphere in the surrounding area. In response to the escalating situation, authorities promptly deployed specialized police units and task forces to regain control of the facility. As the incident unfolded, a large crowd of relatives gathered near the main entrance of the prison, anxiously awaiting news about their loved ones. Concerns for the inmates' safety were palpable among the relatives, as reported by journalists present at the scene. Some individuals attempted to breach the prison gates in desperation but were thwarted by security personnel who maintained a stringent response to the unrest. Currently, security has been significantly intensified around the prison, with law enforcement actively engaged in controlling the situation. The injured inmates have been transported for medical treatment, while prison authorities and police have initiated further investigations into the incident. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad