
LPL ශූරතාව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනාගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්විය. ඒ අද (8) පැවති අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි. මෙම ජයත් සමග ගෝල් කණ්ඩායමට පළමු වරට LPL ශූරයන් ලෙසින් කිරුළු පැලඳීමට අවස්ථාව උදාවිය. මීට පෙර ඔවුන් අවසන් මහා තරග 3කට ක්‍රීඩාකර තිබුණද ඒ සෑම අවස්ථාවකදීම අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවිය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදු ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 123ක් පමණි. ඒ අනුව ලකුණු 124ක පහසු ඉලක්කයක් හඹාගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 15.5ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 126ක් රැස්කර තරගයේ ජය වාර්තා කළේය. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්විණි. මෙම අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රිඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි. ඒ අනුව ක්‍රීඩාලෝලීන් රැසක් අවසන් තරගය නැරඹීම සඳහා පැමිණ තිබුණු දක්නට ලැබුණි.
Google AdSense
In-Article Ad

