FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක්වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දේ....

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මධ්‍යම කඳුකරයට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්‍ෂාව හේතුවෙන් ගංවතුරට සහ විවිධ ආපදාවන්ට ලක්වූ ජනතාව වෙනුවෙන් ඉන්දියානු රජයෙන් සහනාධාර බෙදාදීමේ වැඩසටහනක් (13) දින කොටගල ප්‍රදේශයේදී පැවැත්විණි. කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනී ප්‍රසාද් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට මහනුවර ඉන්දියානු නියෝජ් ‍ ය මහ කොමසාරිස් කාර්‍යාලය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ . මෙම අවස්ථාවට මෙරට මහනුවර ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් වී.එස්.සාරන්‍යා ( V.S.Saranya) මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සහනාධාර බෙදා දීම සිදු කෙරුණු අතර , එහිදී කොටගල ප්‍රදේශයේ ආපදාවට ලක් වූ පවුල් 400ක් සඳහා වියළි සලාක තොගයක් ප්‍රදානය කරන ලදී. - රංජිත් රාජපක්ෂ Indian Government Provides Relief to Flood-Affected Families in Kotagala In response to the recent heavy rains that caused landslides and flooding in the central highlands, the Indian government initiated a relief distribution program on the 13th of this month in the Kotagala area. The program was launched following a request from Rajamani Prasad, the chairman of the Kotagala Pradeshiya Sabha. It was organized through the Office of the Indian High Commissioner in Kandy, who coordinated efforts to assist those impacted by the disaster. During the event, which was led by V.S. Saranya, the Indian Deputy High Commissioner in Kandy, dry food rations were distributed to over 400 families affected by the flooding in Kotagala, providing much-needed support in their time of distress. - Ranjith Rajapaksha *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad