
හෙට විභාගයේ ප්‍රශ්ණ පත්‍ර අද අම්බන්තොටින් හමුවේ..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
හෙට (14) දින පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් අද (13) දින අම්බලන්තොට ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්‍තමේන්තුව විශේෂ විමර්‍ශනයක් ආරම්භ කර තිබේ. අද දින පැවැත්වීමට නියමිතව තිබූ සංගීතය, නර්‍තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ තිබී මෙම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පැකට් හමුවී ඇති බව වාර්‍තා වේ. අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක පිහිටි උසස් පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකදී මෙම අනපේක්ෂිත සිදුවීම වාර්‍තා වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ, අදාළ ප්‍රශ්න පත්‍ර පැකට් හමුවුවද ඒවා කිසිදු ලෙසකින් විවෘත වී හෝ නිරාවරණය වී නොමැති බවයි. එබැවින් විභාගයේ රහස්‍යභාවයට ඉන් හානියක් සිදුව නොමැති බව ඇය අවධාරණය කළාය. "ප්‍රශ්න පත්‍ර අංඩගු පැකැට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැත. එමෙන්ම ප්‍රශ්න පත්‍රයක් කිසිදු ආකාරයෙන් පිට වී නොමැති බව අවධාරණය කරමි. ව්‍යාජ තොරතුරුවලින් කලබලයට පත් නොවී හෙට (14) දිනයේ විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයින්ට කාරුණිකව දන්වා සිටිමි. නියමිත කාලසටහන අනුව සියලුම විභාග මධ්‍යස්ථානවල විභාග පැවැත්වෙන බැවින් සියලුම අපේක්ෂකයින් තමන්ට නියමිත කාලසටහන අනුව එම විභාග මධ්‍යස්ථානවලට පැමිණ විභාගයට මුහුණ දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා" කෙසේ වෙතත්, හෙට දිනට නියමිත ප්‍රශ්න පත්‍ර අද දිනට අදාළ බහාලුම් තුළට ඇතුළත් වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටී. Investigation Launched After Physics Exam Packages Found in Ambalangoda In a surprising incident today, six exam packages containing the first question paper for the upcoming G.C.E. Advanced Level Physics examination were discovered at an examination center in Ambalangoda, just a day before the test is scheduled to take place on the 14th. The Ministry of Education and the Examination Department have initiated a special inquiry into the matter. Reports suggest that these packages, intended for the Physics examination, were mixed in with question papers for Music, Dance, and Agricultural Science subjects, which were also due to be conducted today. This unexpected discovery occurred at a center established for Advanced Level coordination within a school in the Ambalangoda area. General Commissioner of Examinations, Indika Kumari, addressed the situation, emphasizing that while the packages were found, they had not been tampered with or opened in any way. She assured the public that the integrity of the examination process remained intact. "No question paper package has been opened or released from the coordination center. Furthermore, no question paper has been leaked in any format. I urge all examination candidates not to be alarmed by misinformation and to prepare to sit for their exams tomorrow, the 14th. All examinations will proceed as scheduled at various examination centers, and I kindly request all candidates to arrive at their designated centers on time," she stated. Authorities are currently investigating how the question papers ended up in today’s mix-up, seeking to clarify the situation before the examinations begin tomorrow. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

