FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ගොවින්ගේ ඉඩම් එක්කර ගොවි සමාගම් හදනවා.. ගොවින් ඩිරෙක්ටර් බෝඩ් එකට.. සමාගම් පඩි ගෙවනවා..- ලාල් කාන්ත

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගොවීන්ගේ සාම්ප්‍රදායික සංවිධානාත්මක ව්‍යුහය වෙනස් කර ඔවුන් ව්‍යවසායකත්ව මට්ටමට ඔසවා තැබීම මෙහි මූලික අරමුණ බවයි. මෙම නව ක්‍රමවේදය යටතේ ගොවීන්ට තම ඉඩම් සමාගම වෙත ලබා දී එහි කොටස්කරුවන් වීමේ අවස්ථාව හිමි වේ. ලාභාංශ බෙදා හැරීමේදී ගොවියා සමාගමට ලබා දෙන ඉඩම් ප්‍රමාණය පදනම් කරගන්නා බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඒ අනුව, අක්කරයක ඉඩමක් ලබා දෙන ගොවියෙකුට එක් කොටසක් ද, අක්කර දහයක් ලබා දෙන ගොවියෙකුට කොටස් දහයක් ද වශයෙන් හිමිකාරීත්වය ලැබෙනු ඇත. තනි තනිව කුඩා බිම් කොටස්වල වගා කටයුතු සිදු කරනවා වෙනුවට, විශාල යායවල් ලෙස ඒකාබද්ධ වී වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන නිෂ්පාදන විද්‍යාත්මකව සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම සමාගම්වල තීරණ ගැනීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරන අතර, දෛනික මෙහෙයුම් කටයුතු සඳහා වැටුප් ලබන වෘත්තීය කාර්‍ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමට ද යෝජිතය. මේ අතර, පවතින වී මිල සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ඒ අනුව මෙවර යල කන්නයේදී ද වී මිලෙහි වෙනසක් සිදු නොවන බවත්, නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා රුපියල් 130ක් සහ කීරි සම්බා රුපියල් 140ක් ලෙස පවතින සහතික මිල නොවෙනස්ව පවතින බවත් ඔහු තහවුරු කළේය. නවීන කෘෂි තාක්ෂණය සහ කෘතිම බුද්ධිය භාවිතය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලෝකයේ පවතින දියුණු තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව ගොවිබිමට රැගෙන ඒම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් සාකච්ඡා පවත්වා නොමැති බව ද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad