
පාර්ලිමේන්තුවේ කෑම බිල වාර්තාගත ලෙස ඉහලට.. වසරකට කෝටි 24ක්.. මන්ත‍්‍රී ආහාර වේල් 148%කින් ඉහලට..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
2025 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාර සහ පාන වර්ග මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 24කට අධික මුදලක් වැය කර ඇති බව පාර්ලිමේන්තුවේ නවතම වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනාවරණය කරයි. එම වාර්තාවට අනුව, 2025 වර්ෂය තුළ ආහාර සහ පාන වර්ග මිලදී ගැනීම සඳහා පමණක් රුපියල් 247,049,010.08ක මුදලක් වැය වී තිබේ. මීට අමතරව බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීම සඳහා රුපියල් 2,278,758.12ක මුදලක් වැය කර ඇත. පාර්ලිමේන්තුවේ ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් වෙනුවෙන් රුපියල් 3,050,850.00ක මුදලක් වැය වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ. ආහාර සහ පාන සැපයීමේ සේවා වාර ගණන පිළිබඳව සලකා බැලීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආහාර සහ පාන සැපයීමේ අපේක්ෂිත ඉලක්කය වූ 7,200 සීමාව ඉක්මවා යමින් වාර 10,670ක් සේවා සපයා ඇත. එය සියයට 148ක කැපී පෙනෙන වර්ධනයකි. එසේම මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආහාර සහ පාන සැපයීමේදී වාර 361,930ක් සේවා සපයා ඇති අතර, එය අපේක්ෂිත ඉලක්කයට වඩා සියයට 119ක වැඩි වීමකි. පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ආපනශාලා පහක් දිනපතා ක්‍රියාත්මක වන අතර, සභා වාර නොපැවැත්වෙන දිනවලදී පවා දිනකට පුද්ගලයන් 1,000ත් 1,200ත් අතර පිරිසකට ආහාර සපයන බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. වාර්ෂික කාර්ය සාධන වාර්තාව මෙතනින්.. Sri Lanka's Parliament Spent Over Rs. 240 Million on Food and Beverages in 2025 The latest annual performance report from the Sri Lankan Parliament reveals that a staggering Rs. 247,049,010.08 was allocated for the purchase of food and beverages in the year 2025. This significant expenditure highlights the scale of services required to cater to parliament members and their guests. In addition to the food costs, the report indicates Rs. 2,278,758.12 was spent on bottled drinking water, demonstrating the extensive range of amenities provided within the parliamentary complex. Furthermore, payments amounting to Rs. 3,050,850.00 were made for gas used in food preparation, underscoring the operational costs associated with culinary services. When examining the frequency of food and beverage services provided, it was noted that the total number of meals exceeded the expected target of 7,200, reaching an impressive 10,670 servings – a notable increase of 148 percent. The report also details that food and beverages were served on behalf of ministers' guests and the parliamentary staff, amounting to 361,930 servings, surpassing the anticipated target by 119 percent. Within the parliamentary complex, five restaurants operate daily, serving between 1,000 to 1,200 individuals even on days when sessions are not held, indicating a robust infrastructure catering to the needs of parliamentarians and their entourages. For those interested in further details, the full annual performance report can be accessed here. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

