
කුරුවිට රැදවියන් දෙදෙනාම මිය ගියේ වෙඩි වැදිලා..- මරණ පරීක්‍ෂණ වාර්තාව
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
රත්නපුර මහ රෝහලේදී මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, එක් රැඳවියකුගේ හිසට වෙඩි වැදී ඇති අතර අනෙක් රැඳවියාගේ පපුවට වෙඩි වැදීමෙන් මරණය සිදුව ඇත. මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලැබූහ. බන්ධනාගාරය තුළ ඇති වූ එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර සහ වෙඩි තැබීම් සිදු කිරීමට සිදු වූ බව විෂය භාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), කැරලි මර්දන ඒකකය සහ යුද හමුදාව ද කැඳවීමට පියවර ගෙන තිබුණි. මීට පෙර ද මීගමුව, මහර, නව මැගසින් සහ පල්ලන්සේන යන බන්ධනාගාරවල මෙවැනි නොසන්සුන්තා වාර්තා වී තිබිණි.
Google AdSense
In-Article Ad

