FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

2035 කාන්තා පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය එක්සත් රාජධානියට – ක්‍රීඩාංගණ 19කදී තරග 104ක්!

FM Heart · 2 min read

The Heart Academy
2035 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය එක්සත් රාජධානියට පිරිනැමීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිල වශයෙන් තීරණය කර තිබෙනවා. ස්විට්සර්‍ලන්තයේ සූරිච් නුවර පිහිටි FIFA මූලස්ථානයේ සිට මාර්‍ගගත ක්‍රමය ඔස්සේ පැවැති විශේෂ කොංග්‍රස් රැස්වීමකදී මෙම ඓතිහාසික තීරණය ප්‍රකාශයට පත් කෙරුණා. කණ්ඩායම් 48ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය දින 39ක් පුරා තරග 104කින් සමන්විත වනු ඇති. ‘ඕල් ටුගෙදර්’ (All Together) නමින් ඉදිරිපත් කළ සත්කාරකත්ව යෝජනාවට අනුව, තරගාවලිය පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණ 19ක් යොදා ගැනීමට නියමිතයි. ඒ අනුව එංගලන්තයේ ක්‍රීඩාංගණ 14ක්, ස්කොට්ලන්තයේ ක්‍රීඩාංගණ 02ක්, වේල්සයේ ක්‍රීඩාංගණ 02ක් සහ උතුරු අයර්‍ලන්තයේ එක් ක්‍රීඩාංගණයක් ඊට ඇතුළත් වනවා. එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණය. මේ අතර, සඳුදා පැවති මෙම විශේෂ FIFA කොංග්‍රස් රැස්වීමේදී 2031 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය, කොස්ටාරිකාව සහ ජැමෙයිකාව යන රටවල ඒකාබද්ධ ලංසුව වෙත ලබා දීමට ද අනුමැතිය හිමිවුණා. කණ්ඩායම් 48ක් තරග වදින පළමු කාන්තා ලෝක කුසලාන තරගාවලිය ලෙස එය ඉතිහාසයට එක්වනු ඇති. 2035 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට තවත් ගැහැනු ළමුන් මිලියනයක් ක්‍රීඩාවට යොමු කිරීම, ක්‍රීඩා නැරඹීමට හුරු කිරීම හෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නායකත්ව භූමිකාවන් සඳහා ගෙන ඒමේ නව දැක්මක් බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රකාශයට පත් කළ දිනයේදීම මෙම සුබවාදී පුවත වාර්‍තා වීම විශේෂත්වයක්. .
99mobile