
ඉන්දියාව එක්ක ඉක්මනින්ම BIT.. ඊළගට ETCA, CEPA.. - විදේශ ඇමති
FM Heart · 1 min read
පාර්‍ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙරට ආර්‍ථිකයට උපරිම ප්‍රතිලාභ අත්වන ආකාරයෙන් ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රතිසංස්කරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව පැහැදිලි කළ අමාත්‍යවරයා, ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත්කර සම්පූර්‍ණ සමාලෝචනයක් ආරම්භ කර ඇති බව දැනුම් දුන්නේය. එහිදී පාර්‍ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, "ඉන්දියාවත් එක්ක අපි අත්සන් කරපු ගිවිසුම් සහ කලාපීය එකඟතාවන් අද ආර්‍ථිකය වෙනස්වීමත් එක්ක අනිවාර්‍යයෙන්ම යාවත්කාලීන විය යුතුයි. ඒ නිසයි මේ ගැන පුළුල් සමාලෝචනයක් කරලා වාර්‍තාවක් ලබාගැනීමට අපි විශේෂ කමිටුවක් පත්කළේ. ඒ වාර්‍තාව මත පදනම් වෙලා වෙනස් විය යුතු තැන් වෙනස් කරලා, අලුත් විය යුතු අංශ අලුත් කරලා තමයි ඒ ගිවිසුම් ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාවත් එක්ක ETCA ද, CEPA ද ආදී වශයෙන් විවිධ නම්වලින් හඳුන්වන ගිවිසුම් සහ යෝජනා තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නේ ඒ සෑම එකකින්ම අපේ රටට සහ ජනතාවට ලැබෙන නිශ්චිත වාසිය සලකා බලා පමණයි. විශේෂයෙන්ම, ETCA හෝ CEPA වලට කලින් ඉන්දියාව සමඟ වන ද්විපාර්‍ශ්වික ආයෝජන ගිවිසුම (BIT) කඩිනමින් සාකච්ඡා කර අවසන් කරගැනීමට අවශ්‍ය මූලික පියවර අපි දැනටමත් තබා තිබෙනවා."

