
රාජ්‍ය සේවකයෝ රට පුරා විරෝධතාවක
FM Heart · 4 min read
දෙනවයි කිව්වට දුන්නේ නැහැ රු. 25,000ක අතුරු දීමනාවක් ඉල්ලා අවස්ථා 3ක දී රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට කටයුතු කළා කම්කරු නි. ඇමැති මහින්ද ජයසිංහ විසඳුමක් නොලැබුණොත් 30 දා දැඩි තීරණයකට වෘත්තීය සමිති මර්දනකාරී PSTA පනතටත් විරෝධය නුවරඑළිය දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට පින්තූරය – නාලක රත්නායක 2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින්, සෞඛ්‍ය, ගුරු විදුහල්පති ඇතුළු රාජ්‍ය සේවයේ ‘වෘත්තීය’ සමිති රැසක් ඊයේ (23දා) දහවල් කෑම පැයේ දී රට පුරා ජාතික විරෝධතාවක නිරත විය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පාසල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්විණි. රාජ්‍ය සේවකයන් මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවලට සහ ජීවන වියදමට සරිලන ලෙස රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදෙන ලෙසට ද ඔවුහු රජයට බලකර සිටියහ. මෙම විරෝධතාවට රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් ලබන 30දා දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවන බවට, වෘත්තීය සමිති රජයට ඊයේ අනතුරු ඇඟවීය. 2027, අයවැය මගින් තමන් අපේක්ෂා කළ සහන හෝ රජය ලබාදෙන බවට පොරොන්දුවී තිබූ කිසිදු සහනයක් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ආරම්භ කළ බව වෘත්තීය සමිති පවසයි. ඊයේ රාජ්‍ය ආයතන ඉදිරිපිට පැවැති කෑම පැයේ විරෝධතාවේදී ගුරුවරු සහ විදුහල්පතිවරු කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කළ අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අයවැය යෝජනා කිසිදු සාධනීය මට්ටමක නොමැති බවට චෝදනා කළහ. අවස්ථා තුනක දී රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමීමට රජය කටයුතු කර ඇති බවද වෘත්තීය සමිති, මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීම සාචාරාත්මක නොවන බවද කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (23දා) පැවසීය. මෙරට දැනට පවතින කම්කරු නීති වර්තමාන ආර්ථික, සමාජීය සහ ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන ලෙස ප්‍රතිසංස්කරණය කරමින් නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වා දෙමින් සිටිය දී මෙලෙස අරගල කිරීම සාධාරණ නොවන බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. විරෝධතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ මෙසේ සඳහන් කළහ. රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්, අමිල බණ්ඩාර මහතා, “රාජ්‍ය සේවකයන් මෙම උද්ඝෝෂණ හා විරෝධතාවල නිරතවන්නේ ජීවත්වීම වෙනුවෙන් ජීවන අතුරු දීමනාවක් ඉල්ලලා. මෙතැන දේශපාලන අවශ්‍යතා නැහැ. බොරු ඉලක්කම් පෙන්නලා ජනතාවට රාජ්‍ය සේවකයන් කෙරෙහි වෛරයක් ඇති කරවන්න එපා කියලා අපි රජයට කියනවා. අපේ සැබෑ වැටුප 60%ක් 80%ක් අතර හෝ වැඩි කරලා නැහැ. කළමනාකරණ සේවාවේ අපට මේ වනතුරු කිසිදු දීමනාවක් නැහැ. බහුතරයක් වැඩ කරන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයෙන් පිට.” සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති, උදේනි දිසානායක මහතා, “වත්මන් රජය කම්කරු පන්තියට නොසලකා හරිමින් කටයුතු කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. බලය ලබාගත් ආකාරය අද මේ රජයට මතක නැහැ.” සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා, “සමස්ත ඉල්ලීම් කෙසේ වෙතත්, මේ අවස්ථාවේ රුපියල් 25,000ට අතුරුදීමනාවක් ලබාදීමට රජය කටයුතු කළ යුතුයි.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නංගර මහතා, “මෙවර අයවැය තුළින් අපේ යෝජනා සියල්ල කුණු කූඩයට දමා තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවයේ ගැටලුවලටත් මේ අය වැයෙන් විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වෙලා.” රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා, “අපේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ආණ්ඩුවේ අවධානය තවදුරටත් යොමු නොවන්නේ නම් මෙම විරෝධතා දැඩි කරමින් වැඩ වර්ජන ක්‍රියාමාර්ග වෙත යොමුවීම හැර වෙනත් විකල්ප නැහැ.” ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්, ජෝසප් ස්ටාලින් මහතා, “මේ ගැටලු නිර්මාණය කළේ රජය. එම නිසා විසඳුම් යෝජනා ගෙන ආ යුත්තෙත් රජය. ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා, “අපි අද රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක අතුරු දීමනාවක් ඉල්ලා විරෝධතා දැක්වූවා. සමස්ත රාජ්‍ය සේවයේ අස්සක් මුල්ලක් නෑර සියලු සේවකයන් මෙයට එක්වූවා. වැඩ කරන ජනතාව අයවැයට කලින් ජනපති, අගමැති ඇතුළු සියලු බලධාරීන් ගෙන් ජීවත්වීමට සරිලන වැටුපක් ඉල්ලුවා. නමුත් අපිට වුණේ පාරට බහින්න. මේ ක්‍රියාමාර්ගයට ආණ්ඩුව කුලප්පු වෙලා. අද ඒ අය කොළ බෙදනවා. ඒ තමන්ගේ නොහැකියාවන් වසා ගන්න. අද මහින්ද ජයසිංහ අපිට ‘සොරි’ කියනවා. අපි එයාට කියනවා. අපි එයාට කියනවා ඔයාලට දිගට ම ‘සොරි’ තමයි කියලා.” රාජ්‍ය ආයතන රැසකම ඊයේ කෑම පැයේ ක්‍රියාත්මක කර තිබූ මෙම ජාතික විරෝධතා හේතුවෙන් ඇතැම් ස්ථානවල යම් දුෂ්කරතා මතු වූ බවට වාර්තා විය. රජය කඩිනමින් අතුරුදීමනාව හෝ ලබාදීමට කටයුතු නොකළොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරමින්, ලබන 30දා දීපව්‍යාප්ත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවට වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ කියා සිටියහ. සුජීව තත්සර සහ චමින්ද සිල්වා

