
ඇමැති ලාල්කාන්තගේ වත්කම් ගැන පුරවැසි බලය පරීක්ෂණයක් ඉල්ලයි
FM Heart · 1 min read
අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කෘෂිකර්‍ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්‍ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්, ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඊයේ (23 දා) අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 2025 සහ 2026 වර්‍ෂවල ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති වත්කම්-බැරකම් ප්‍රකාශවල මූල්‍ය පරස්පරතා රාශියක් ඇති බවත්, ඔහුගේ වත්කම් ලැබුණු ආකාරය සැක සහිත බව පෙනී ගොස් ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර, වරදක් කර ඇත්නම් දූෂණ විරෝධි පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ. ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුණි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය. සුජීව තත්සර

