
තනි මිනිසෙක් NASDAQ හොල්ලයි.. Jensen Huang යලි CEO ධුරයට.. Nvidia ක්‍ෂණිකව තනි කෙලින් උඩට...
FM Heart · 2 min read
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වූ දැඩි බලපෑම මෙන්ම සමාගමේ සේවකයින්, ආයෝජකයින් සහ ප්‍රධාන ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් එල්ල වූ දැවැන්ත පීඩනය හමුවේ මෙම පෙරළිකාර තීරණය ගෙන ඇත. මෙම නිවේදනයත් සමඟ එන්විඩියා සමාගමේ පූර්‍ව-වෙළෙඳපොළ කොටස් මිල සියයට 31කට වඩා වැඩි අගයකින් සීඝ්‍රයෙන් ඉහළ ගියේය. චීන රජයේ ඔත්තුකාරියක බවට අමෙරිකානු බුද්ධි අංශ විසින් සැකකරනු ලබන ව්‍යාපාරික කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් නොවැම්බර් 12 වැනිදා හුවාං සිය ධුරයෙන් ඉල්ලා අස්විය. (කෙසේවෙතත්, චීනය මෙම ඔත්තු බැලීමේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි). හුවාංගේ ඉවත්වීමත් සමඟ සිලිකන් නිම්නයේ සිට තායිවානය සහ වොෂින්ටනය දක්වා ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රය දැඩි කම්පනයකට පත්වූ අතර, ඔහුව යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ලක්ෂ 1.8 කට අධික පිරිසක් අත්සන් තැබූ පෙත්සමකට ප්‍රකෝටිපති ඉලොන් මස්ක් ද සිය සහයෝගය පළ කර තිබිණි. හුවාං යළි සේවයට නොගන්නා බවට එන්විඩියා සමාගමේ සභාපති හාවි ජෝන්ස් මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද, පසුගිය සතියේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ හුවාං යළිත් එම ඉහළ ධුරයට පත්විය යුතු බවයි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කළේ, හුවාංගේ නායකත්ව හැකියාව සහ අවංකභාවය පිළිබඳව තමන් පූර්‍ණ විශ්වාසය පළ කරන බවත්, අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් පසු ඔහුගේ නැවත පැමිණීම ජාතික ආරක්ෂාවට කිසිදු තර්‍ජනයක් නොවන බව තහවුරු කරගත් බවත්‍ය. ඒ අනුව කොලෙට් ක්‍රෙස් දිගටම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කරනු ඇත.

