FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දිවයින පුරා වැසි අද වැඩි වෙයි – ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි වැසි – දැදුරුඔය ජලාශය වාන් දමයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්‍ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ දිවයින පුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්‍තමේන්තුව පැවසුවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශ වල අහස වලාකුලින් බරව පවතිනු ඇති. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පැවසුවේ. මේ අතර ඇදහැළෙන වැසි හමුවේ රාජාංගණ සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවා. “ගිං ගඟේ ජල මට්ටම් සාමාන්‍ය වැඩීමක් තමයි දකින්නට තියෙන්නේ . ඒ වගේම විශේෂයෙන්ම දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කරන්න සිදු වුණා . ඒ අනුව තත්පරයට ගනඅඩි 8,400කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් නිදහස් කරනවා . ඒ වගේම රාජාංගනය ජලාශයේත් තත්පරයට ගනඅඩි 6,800කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් නිදහස් කරනවා . මේ නිසා විශේෂයෙන්ම දැදුරුඔය සහ රාජාංගනය පහළ ප්‍රදේශවල ගඟ ආසන්නයේ ඉන්න ජනතාව සහ පරිහරණය කරන අය ඉතාමත් සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීම කරනවා . සමස්තයක් විදිහට ගත්තම වැව් 18කට ආසන්න ප්‍රමාණයක් වාන් දැමීම සිදු වෙනවා මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ ජලාශවලින් . ඒ වගේම තෙත් කලාපයේ ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු ඉහළ අගයක පවතින්නේ .” .

Google AdSense

In-Article Ad