FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

"නාමල්ව හිරේ දැම්මා,තව අය ඇතුළට දායි... අන්තිමට ඉතුරු වෙන්නේ සීලරතන හිමි විතරයි" - සීලරතන හිමිගේ දෑත් ශක්තිමත් කරන්න ඉරාජ් එයි (VIDEO)

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ගායන හා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජනසෙත පෙරමුණ සමඟ එක්ව එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී තිබේ. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19) බොරැල්ල එන්.එම්. පෙරේරා ශාලාවේ පැවති ජනසෙත පෙරමුණේ විධායක සභා රැස්වීම අමතමිනි. වත්මන් රජය තමන් සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්‍ලිමේන්තු මන්ත්‍රී සහ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු දේශපාලන කණ්ඩායම් සිරගත කිරීම හේතුවෙන් ඉදිරියේදී ඉතිරි වන එකම දේශපාලන පක්ෂය ජනසෙත පෙරමුණ බව තමන් විශ්වාස කරන බවද ඉරාජ් වීරරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා තමන් එම පක්ෂයේ වේදිකාවට පැමිණි බවද ඔහු සඳහන් කළේය.

Google AdSense

In-Article Ad