FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්.. ප්‍රෙක්‍ෂකයෝ කණ්ඩායමට මුහුණටම බැණ වදිති..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අනුව තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්‍ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්තය සමත් විය. මැන්චෙස්ටර්‍හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 124ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 24කින් ලකුණු 36ක් සහ කමිඳු මෙන්ඩිස් පන්දු 28කින් ලකුණු 35ක් රැස් කරමින් යම් ස්ථාවරත්වයක් ලබාදීමට උත්සාහ කළ ද, සෙසු පිතිකරුවන්ට සාර්‍ථක වීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් කිසිදු ඉඩක් නොලැබිණි. චරිත් අසලංක ලකුණු 16කටත්, දසුන් ශානක ලකුණු 12කටත් දැවී ගිය අතර, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 14ක් තුළ බිඳවැටීම කැපී පෙනුණි. ජයග්‍රහණය සඳහා ලකුණු 125ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 126ක් රැස්කර තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළහ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 32කින් නොදැවී ලකුණු 62ක් (හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක්) ලබා ගත් අතර හැරී බෲක් ලකුණු 33ක් රැස් කළේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම කෙටි ඉනිම තුළ වයිඩ් පන්දු 17ක් ඇතුළුව අතිරේක ලකුණු 18ක් ප්‍රතිවාදීන්ට ලබාදීමද දැඩි විවේචනයට ලක්විය. තරගයේ වීරයා සම්මානය සොනී බේකර් හිමිකර ගත් අතර, තරගාවලිය පුරා ලකුණු 170ක් රැස් කළ එංගලන්ත නායක හැරී බෲක් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම අතිශය දුර්‍වල ක්‍රීඩා විලාශය හමුවේ ක්‍රීඩාංගණයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් සිය බලවත් නොසතුට හා කෝපය පළ කළ අතර, තරගය අවසානයේ ක්‍රීඩකයන්ට දැඩි ලෙස බැණ වදිමින් විරෝධය පළ කරන වීඩියෝ දර්‍ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්‍මාණය කර ඇත.

Google AdSense

In-Article Ad