
අද පොත එළි දක්වා ඤාණසාර හිමි හිරගෙට යයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අදාළ කෘතිය ජනගත කිරීමේ විශේෂ උත්සව සභාව එළඹෙන අද පස්වරු 2.30 ට මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. උන්වහන්සේ දිගු කලක් තිස්සේ විවේචනයට හා විරෝධයට ලක් කළ ආගමික අන්තවාදී මතවාදයන්හි පසුබිම මෙන්ම, එමඟින් ලාංකේය සමාජ දේහයට එල්ල වී ඇති බලපෑම් සහ එහි සැඟවුණු පැතිකඩ පිළිබඳව ගැඹුරු විග්‍රහයක් මෙම කෘතියට ඇතුළත්ව ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි. අධිකරණයට අපහාස කලේ යයි සිර දඩුවම් නියමව සිටියදී ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් ඒම සමාව අධිකරණය විසින් අහෝසි කිරීමෙන් පසු ඥානසාර හිමියන් යලි බන්ධනාගාරගත කිරීමට නියමිතය. මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට මහා සංඝරත්නය, විද්වතුන්, දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් එක්වීමට නියමිතව ඇත.
Google AdSense
In-Article Ad

