
මහවැලි ගග පිටාර ගලයි.. නිවාස රැසක් ජලයෙන් යටවේ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇදහැලෙන අධික වර්‍ෂාපතනයත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පහත්බිම්වල පිහිටි නිවාස රැසක් ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් පවුල් 100කට ආසන්න පිරිසක් මේ වන විට අවතැන්ව සිටින බව පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරියෙකු තහවුරු කළේය. විශේෂයෙන්ම නාවලපිටිය කිතුල්කොටේ, ලබුවැල්කොටුව සහ ජයසුන්දරඕවිට ඇතුළු පහත්බිම් ප්‍රදේශ කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇත. මේ අතර, කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසින කොටියාගල ඔය පිටාර ගැලීම හේතුවෙන් බගවන්තලාව කොටියාගල වතුයායේ පහළ කොටසේ පිහිටි වතු නිවාස රැසක් ද අද උදෑසන ජලයෙන් යටවී තිබේ. පවතින අධික වර්‍ෂාවත් සමඟ මධ්‍යම කඳුකර මාර්‍ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, දැඩි මීදුම් තත්ත්වයක් ද පවතින බැවින් කඳුකර මාර්‍ග භාවිත කරන රියදුරන් දැඩි විමසිල්ලෙන් හා සැලකිල්ලෙන් යුතුව රිය ධාවනය කළ යුතු බව හැටන් පොලිසිය දැනුම් දෙයි.
Google AdSense
In-Article Ad

