
ගගනගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයන ප්‍රධාන ගෝලයා STF අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ III හි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 59 ක් සහ ‘එක්ස්ට්‍රසී’ (Ecstasy) වර්ගයේ මත්පෙති 800 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 44 ක් වන හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු විදෙස්ගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ගගන’ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයා බවට හදුනා ගෙන තිබෙනවා. ඔහු කලක පටන් ‘ගගන’ නැමැත්තාගේ සෘජු උපදෙස් මත මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. .
Google AdSense
In-Article Ad

