BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බැක්ටීරියා විෂ අඩංගුයි.. ඉන්දීය අක්ෂි දියර වර්ග එකොළහක් භාවිතයෙන් ඉවතට..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) ආයතනය විසින් නිෂ්පාදිත අක්ෂි දියර වර්ග 11ක්, බැක්ටීරියා දූෂණය වීමේ අවදානමක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළඳපොළෙන් ආපසු කැඳවීමට පියවර ගෙන තිබේ. ඉන්දියාවේ අක්ෂි වෛද්‍යවරුන් 27,000කට අධික පිරිසක් නියෝජනය කරන 'සමස්ත ඉන්දියානු අක්ෂි වෛද්‍ය සංගමය' (AIOS) විසින් කරන ලද අනතුරු ඇඟවීමකට අනුව මෙම තීරණය ගෙන ඇත. විවිධ අක්ෂි වෛද්‍ය ආයතන කිහිපයක සිදුකළ පරීක්ෂණවලදී, අදාළ ඖෂධ කාණ්ඩවල 'සියුඩොමොනාස්' නමැති බැක්ටීරියාව අඩංගු බවට හඳුනාගෙන තිබේ. මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් බරපතළ අක්ෂි ආසාදන මෙන්ම පෙනීම අහිමි වීමේ අවදානමක් ද පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. සමාගම විසින් බෙදාහරින්නන් වෙත නිකුත් කළ රහස්‍ය නිවේදනයකට අනුව Depopred 2ML, Brinolar (BKC FREE), Brinzotim Eye Drops 5ML BKC FREE, Lotepred-5ML, Lotepred 1%, Lotepred LS 0.2%, Lotepred T, Nepalact OD Eye Drops 3ML, Nepalact-Z, Toba-F සහ Nepalact E/D 5ML යන අක්ෂි දියර වර්ග මෙලෙස වෙළඳපොළෙන් ඉවත් කරනු ලබයි. අදාළ සියලු තොග වහාම ආපසු එවන ලෙසත්, ඒවා අලෙවි කිරීම නතර කරන ලෙසත් සමාගම දැනුම් දී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන සන් ෆාමා සමාගම පවසන්නේ රෝගීන්ගේ ආරක්ෂාව තමන්ගේ ප්‍රමුඛතාවය වන බැවින් නියාමන අවශ්‍යතාවලට අනුකූලව මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත්, මෙම ඖෂධ බොහොමයක් ග්ලුකෝමා සහ අක්ෂි සැත්කම්වලින් පසු භාවිතයට නියම කරන ඒවා බැවින්, දැනට මෙම ඖෂධ භාවිතා කරන රෝගීන් වහාම භාවිතය නතර නොකර, තම අක්ෂි වෛද්‍යවරයා හමුවී විකල්ප ඖෂධයක් ලබාගත යුතු බව විශේෂඥ වෛද්‍යවරු උපදෙස් දෙති. මෙම ඖෂධ වර්ග කිහිපයක්ම ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික අංශයේ ද බහුලව භාවිතා වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ, ඉන්දියාවේ ඇති වී තිබෙන මෙම බරපතළ තත්ත්වය පිළිබඳව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වහාම අවධානය යොමු කළ යුතු බවයි. අදාළ ඖෂධ කාණ්ඩ මෙරට වෙළඳපොළේ පවතින්නේ නම් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, මෙම ඖෂධ සම්බන්ධයෙන් මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

Google AdSense

In-Article Ad