
Phoenix IT Lanka අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB සම්මානය දිනයි
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
August 25 (Citizen News) - ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් Phoenix IT Lanka (Pvt) Ltd අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB Winner 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ පස් වසරක ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සම්මානය South Asia Technologies (Pvt) Ltd සංවිධානය කළ Check Point Award Night 2026හිදී පිරිනමන ලදී. ශ්‍රී ලංකාවේ තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයට අර්‍ථවත් දායකත්වයක් දැක්වීමේ දැක්ම ඇතිව වසර පහකට පෙර ආරම්භ වූ Phoenix IT Lanka ආරම්භක ව්‍යාපාරවල සිට ව්‍යාපාරවල විශ්වාසනීය සයිබර් ආරක්ෂණ හවුල්කරුවෙකු දක්වා වර්‍ධනය වී තිබේ. පාරිභෝගික විශ්වාසය, විශ්වාසනීය සයිබර් ආරක්ෂණ විසඳුම්, තාක්ෂණ විශේෂඥතාව සහ දිගු කාලීන සහාය කෙරෙහි දක්වන දැඩි අවධානය සිය වර්‍ධනයට ප්‍රධාන හේතු වූ බව සමාගම සඳහන් කරයි. ව්‍යාපාර ආයතන සංකීර්‍ණ සයිබර් තර්‍ජන, තාක්ෂණ අවදානම් සහ අනුකූලතා අවශ්‍යතාවලට මුහුණ දෙන පසුබිමක දුර්‍වලතා හඳුනා ගැනීම, අත්‍යවශ්‍ය තොරතුරු හා පද්ධති ආරක්ෂා කිරීම සහ සමස්ත සයිබර් ආරක්ෂණ මට්ටම ශක්තිමත් කිරීම සඳහා Phoenix IT Lanka සිය සේවා පුළුල් කර තිබේ. සයිබර් ආරක්ෂණ ඇගැයීම්, Firewall & Network Security, Endpoint Protection, Cloud Security, Information Security Consulting, Security Implementation, Configuration සහ Optimization, AI Security, Compliance සහ අඛණ්ඩ තාක්ෂණ සහාය ඇතුළු පුළුල් සයිබර් සහ IT ආරක්ෂණ සේවා රැසක් සමාගම සපයයි. ඒ අනුව තනි ආරක්ෂණ නිෂ්පාදනයකට සීමා නොවී ආයතනයක සයිබර් ආරක්ෂණ ගමන් මඟේ විවිධ අදියර සඳහා අවශ්‍ය විසඳුම් සහ සහාය එකම හවුල්කරුවෙකු හරහා ගැනීමට Phoenix IT Lanka අවස්ථාව සළසා දෙයි. ගෝලීය වශයෙන් පිළිගත් සයිබර් ආරක්ෂණ තාක්ෂණය දේශීය තාක්ෂණ විශේෂඥතාව සමඟ ඒකාබද්ධ කිරීම Phoenix IT Lankaහි ප්‍රධාන ශක්තියකි. Check Point Software Technologies සමඟ ඇති හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලාංකික ආයතන වෙත උසස් සයිබර් ආරක්ෂණ තාක්ෂණය සපයන අතර ඒවා ක්‍රියාත්මක කිරීම, වින්‍යාසගත කිරීම, ප්‍රශස්තකරණය සහ අඛණ්ඩ සහාය සඳහා අවශ්‍ය දේශීය තාක්ෂණ හැකියාව සැපැයීම සමාගම සිදු කරයි. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා මෙම ප්‍රවේශය වැදගත් වන අතර එම ආයතනවලට සිය මෙහෙයුම් පරිසරයට ගැළැපෙන දේශීය විශේෂඥ සහාය සමඟ Enterprise-level සයිබර් ආරක්ෂණ හැකියා සපයා ගැනීමට එමගින් අවස්ථාව සැළැසේ. තාක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීමට පමණක් සීමා නොවී ආයතනවලට සයිබර් අවදානම් නිවැරැදිව අවබෝධ කර ගැනීමට, අත්‍යවශ්‍ය වත්කම් ආරක්ෂා කිරීමට, ආරක්ෂණ පාලන ශක්තිමත් කිරීමට සහ දිගු කාලීන සයිබර් ප්‍රතිරෝධී හැකියාව ගොඩ නැගීමට සහාය වීම Phoenix IT Lankaහි ප්‍රධාන අරමුණු වේ. සයිබර් ආරක්ෂණය හුදෙක් තවත් IT ආයෝජනයක් ලෙස නොව ව්‍යාපාරයේ අඛණ්ඩතාව සහ වත්කම් ආරක්ෂා කරන දිගු කාලීන උපාය මාර්‍ගයක් ලෙස සමාගම සළකයි. Phoenix IT Lanka (Pvt) Ltdහි කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රභාත් අමිල පෙරේරාගේ නායකත්වය යටතේ වෙනස් වන තාක්ෂණ පරිසර සහ සයිබර් ආරක්ෂණ අවශ්‍යතාවලට මුහුණ දීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වන විශ්වාසනීය දේශීය සයිබර් ආරක්ෂණ ආයතනයක් ගොඩ නැගීමේ දිගු කාලීන දැක්ම සමාගම අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. අඛණ්ඩව දෙවැනි වරටත් හිමි වූ Check Point සම්මානය Phoenix IT Lankaහි ස්ථාවර කාර්‍යසාධනය, පාරිභෝගික විශ්වාසය, තාක්ෂණ විශේෂඥතාව සහ ශක්තිමත් තාක්ෂණ හවුල්කාරිත්ව පිළිබිඹු කරන බව සමාගම පවසයි. South Asia Technologies (Pvt) Ltd සහ Orin Corporation (Pvt) Ltd ඇතුළු සිය තාක්ෂණ හවුල්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගය සමාගම මෙහිදී ඇගැයීමට ලක් කළ අතර සිය තාක්ෂණ පරිසර ආරක්ෂා කිරීමට Phoenix IT Lanka කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන් වෙත මෙම ජයග්‍රහණය කැප කරන බව සඳහන් කළේය. පස් වසරක අඛණ්ඩ වර්‍ධනය, පිට පිට දෙවරක් හිමි වූ මෙම ක්ෂේත්‍ර සම්මානය සහ පුළුල් වෙමින් පවතින සයිබර් ආරක්ෂණ සේවා කළඹ සමඟ Phoenix IT Lanka ගෝලීය සයිබර් ආරක්ෂණ තාක්ෂණය, දේශීය විශේෂඥතාව සහ විශ්වාසනීය ආරක්ෂාව ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙත සැපැයීමේ සිය මෙහෙවර තව දුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් සිටී.
Google AdSense
In-Article Ad

