FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22න් අධිකරණයේ ස්වාධීනත්වය නැතිවන හැටි සාලිය පීරිස් අයන්නේ සිට කියාදෙයි...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘360’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය. විනිසුරුවරුන් ස්වාධීන විය යුත්තේ රජය සහ පුරවැසියා අතර මෙන්ම පුරවැසියන් අතර ඇතිවන නඩුවලදී මධ්‍යස්ථව කටයුතු කිරීමට බවත්, එම ස්වාධීනත්වය මහජනතාවට ප්‍රත්‍යක්ෂ වන පරිදි පෙනෙන්නට තිබිය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය. යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්‍ඝ කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එවැනි සංශෝධනයක් වර්‍තමානයේ සේවයේ නියුතු විනිසුරුවරුන් ඉලක්ක කරගනිමින් සිදු නොකළ යුතු බවයි. විශේෂයෙන්ම, විශ්‍රාම යාමට මාස කිහිපයක් වැනි කෙටි කාලයක් තිබියදී විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්‍ඝ කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය පළුදු විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මෙම වසර තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුම විශ්‍රාම ගිය බවත්, එවැනි අවස්ථාවලදී මෙම සංශෝධනය ඉදිරිපත් නොවූ බවත් පීරිස් මහතා සිහිපත් කළේය. එළඹෙන දෙසැම්බර් මාසයේදී අගවිනිසුරුවරයා විශ්‍රාම යාමට නියමිතව තිබියදී මෙම සංශෝධනය ගෙන ඒම හරහා ඔහුගේ ධුර කාලය දීර්‍ඝ කිරීමට රජය උත්සාහ කරන්නේද යන සැකය සාධාරණ සමාජයක් තුළ මතුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය. අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට නම්, විශ්‍රාම වයස වැඩිකිරීම වැනි තීරණ වර්‍තමාන විනිසුරුවරුන්ට අදාළ නොවන පරිදි සහ විනිවිදභාවයකින් යුත් පොදු ක්‍රමවේදයක් යටතේ සිදුකළ යුතු බව ජනාධිපති නීතීඥවරයා අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad