FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උළෙල ජනපති ප්‍රධානත්වයෙන් හෙට ඇරැඹෙයි

FM Heart · 2 min read

The Heart Academy
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council -WBSC) 60 වෙනි සංවත්සර සමරු උලෙළ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (28දා) ආරම්භ වෙයි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සංවත්සර සමරු උලෙළ හෙට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර දෙසැම්බර් 02 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය. විදේශීය මහා සංඝරත්නය ප්‍රමුඛ ගිහි නියෝජිතයන් මෙරටට පැමිණෙන කටුනායක ගුවන්තොටුපළ අවට මෙන්ම ඔවුන් ගමන් ගන්නා අනුරාධපුරය, මහනුවර ඇතුළු ප්‍රදේශ අලංකාරවත් කිරීම සඳහා අදාළ පළාත් පාලන ආයතනවල සහාය ලබාගැනීම පිළිබඳව ද ඉකුත් දා සාකච්ඡා කෙරුණි. ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වෙනි සංවත්සර සමරු උලෙළ සාර්‍ථකව පැවැත්වීම සඳහා රජය දක්වන උනන්දුව අගය කරන බව සඳහන් කළ සංවත්සර සංවිධායක කමිටුවේ සභාපති ආචාර්‍ය සාහිත්‍යසූරී අතිපූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ, මෙම උලෙළ උත්කර්‍ෂවත් අයුරින් පැවැත්වීම මෙරට සංචාරක කර්‍මාන්තයේ ප්‍රවර්‍ධනයට ද මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන්හ. මෙම සම්මේලනය සඳහා ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සහභාගී වීමට නියමිතය. ගිහි නියෝජිතයෝ 800කට ආසන්න පිරිසක් ද ඊට එක් වෙති. එසේම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබේ.
99mobile