
2016න් පසු රාජ්‍ය සේවයට බැඳෙන අයගේ විශ්‍රාම වැටුප අහිමි කරන චක්‍රලේඛය අපි අහෝසි කළා
FM Heart · 12 min read
2028 අයවැයේදී 36% ක උපයනවිට බදු අයකිරීම රු. ලක්ෂ 5 සීමාවට ගේනවා කෑගහල ගන්නත් බෑ…කෑගැහුවට දෙන්නෙත් නෑ ඉල්ලීම්වලින් අයවැය මත පීඩනයක් දමා අර්බුද හැදීමේ සැලැස්මට අපෙන් ඉඩක් නෑ පඩි වැඩි කළොත් ජනතාවට දුන් ප්රතිලාභ කපන්න වෙනවා නැත්නම් ණය ගන්න වෙනවා රටේ අනාගතය කියන්නෙ ප්‍රාග්ධන වියදම් බිලියන 2000ක් ඒ සඳහා වෙන්කළා මේ ආණ්ඩුවෙන් කෑගගහල ගන්නත් බෑ කෑගැහුවට දෙන්නෙත් නෑ ..කෑගහන්න කලින් දෙනවා අද මූල්‍ය වෙළෙඳපොළ පාලනය කරන්නෙ මුදලාලිලා නොවෙයි ආණ්ඩුවයි එල්නිනෝ ආවත් අපි ළඟ සල්ලි තියෙනවා ලංකාවේ ලොකුම ආයෝජකයා ලංකාවේ ආණ්ඩුවයි අධ්‍යාපනය සෞඛ්‍ය සහ ප්‍රවාහනය තුළින් දියුණු කිරීමෙන් පොදු ජනතාවට ප්රතිලාභ ලැබෙනවා කළ හැකි උපරිම දේ අපි කළා අපි වැඩ කරමු එළිපිට රැස්වීමක් තියාගන්න බැරි පක්ෂ රාජ්‍ය සේවකයා ඉදිරියට දාගෙන රජය වට්ටන්න හදනවා ආණ්ඩුව උපයා ගන්නා මුළු ආදායම ණය පොලී සහ රාජ්‍ය සේවක සහ විශ්‍රාම වැටුප් ගෙවන්නත් මදි එදාවේල ටුවර්ස් යනව නම් වැටුප් වැඩි කරන්න පුළුවන් ‘මේ ආණ්ඩුවෙන් කෑගහල ගන්නත් බෑ කෑගැහුවට දෙන්නෙත් නෑ. මේ ආණ්ඩුව කෑගහන්න කලින්ම ලබාදිය හැකි හැම දෙයක්ම ලබා දෙනවා. අපි රාජ්‍ය සේවය රකින ආණ්ඩුවක් මිස විනාශ කරන එකක් නොවෙයි. මේ මොහොතේ ලබාදිය හැකි දේ දීලා තියෙනවා. තිබෙන ප්‍රශ්නවලට ඉදිරියේදී අපි විසඳුම් දෙනවා. ලබන වසරේ බිලියන 150ක් වෙන් කරනවා රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කිරීමට’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ‘අය-වැය සහ වැඩකරන ජනතාව’ මැයෙන් සංවිධානය කර තිබූ වෘත්තීය සමිති නියෝජිත හමුවට එක්වෙමින් ජනපතිවරයා ඊයේ (26දා) මේ බව කීය. එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද කීය. සමහරුන්ට අපි මූලික වැටුප වැඩි කිරීම ප්‍රශ්නයක්. ඒ අය පාරට බහින්න කලින් අපි වැටුප් වැඩි කළා. ප්‍රශ්න විසඳන්න පාරට බහින්න අවශ්‍ය නෑ. අපි උඩින් පාත් වුණු ප්‍රශ්න දන්නෙ නැති අය නොවෙයි. අපි හැම දෙනාගේම ප්‍රශ්න විසඳනවා. කෑගැහුවාට ප්‍රශ්න විසඳන්න බෑ. මේක තුලනාත්මක අය-වැයක්. කාලා බීලා ඉන්න නම් ට්‍රිලියනයක් වුවත් ණය අරගත හැකියි. විවිධ ණය මුදල් ගෙවිය යුතුයි. අපි නැවතත් පරණ උගුලේ වැටිය යුතු නෑ. අය-වැය තුලනාත්මකව සකස් කළා. ප්‍රාග්ධන වියදම් රටේ අනාගත ආයෝජනයයි. එය අඩු කරන්න බෑ. අධ්‍යාපනය, සෞඛ්‍ය රටේ ජනතාවට පහසුකම් ඇති කිරීමටයි මුදල් වෙන් කළේ. ඒවා අඩු කරන්නත් බෑ. අපි හැකි හැම මොහොතකම වැටුප් සඳහා මුදල් වෙන් කළා. 2016 න් පසු රාජ්‍ය සේවයට බැඳෙන අයගේ අහිමි කර තිබූ විශ්‍රාම වැටුප නැවත ලබා දෙමින් එය නොදෙන්නට දමා තිබූ චක්‍රලේඛය අහෝසි කළේ ජාතික ජන බලවේගය රජය බවද ජනාධිපතිවරයා කීය. රාජ්‍ය සේවයට කෙනෙක් ආකර්ෂණය කරගැනීමට තිබුණ හොඳම මෙවලම විශ්‍රාම වැටුප බවද ජනාධිපතිවරයා ඊයේ (26දා) කීවේය. 2020 ට පෙර විශ්‍රාම ගත් අයට 2020 වැටුප් තලය අනුව විශ්‍රාම වැටුප් ලබා දීම අදියර 3 කින් සිදුකිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ණය සහ පොලී වාරිකවලට බිලියන 7035 ක් යද්දී ආණ්ඩුවේ ආදායම බිලියන 6230යි. හිඟය පියවන්න බිලියන 805ක් ණයට ගන්න වෙනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ඊයේ (26දා) පැවසීය. ජාතික ජන බලවේග ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා වෙහෙසුනේ ඇයි? අපිට අවශ්‍ය වුණා දීර්ඝ කාලයක් ගමන් ගත් මාර්ගය වෙනස් කරලා අලුත් සුබවාදී දිශාවකට අපේ රට පරිවර්තනය කරන්න, හැම පැත්තකින්ම. දීර්ඝ කාලයක් විනාශකාරී රටාවෙන් ජයග්‍රාහී මාවතකට අපේ රට යොමු කිරීමේ වුවමනාව තිබුණා. අපි ආණ්ඩුව අරගෙන අවුරුදු 2 කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. අපි මේ රටේ නීතියේ විධානය, ආධිපත්‍යය හැම කෙනාටම සමානයි කියන ස්ථාවරය ගොඩනගා තිබෙනවා. හැබැයි නිතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක කරන කොට නීතියට උඩින් හිටපු අයට රිදෙන බව අපි දන්නවා. නීතිය සමානව හැම දෙනාටම ක්‍රියාත්මක කරන කොට සමහර අය කැමැති නැහැ. ඒකට රිදෙන අය ඉන්නවා. “ඊළඟට අපිට ඕනකමක් තිබුණා මහජනයාගේ දේපළ හොරකම් කරන, ඒක නාස්ති කරන එක නතර කරන්න. විශේෂයෙන් අපේ රාජ්‍ය සේවයේ වැඩ කරන සහෝදර සහෝදරියන් තමන්ගේ ආයතනවල සිදුවුණු වංචා, දූෂණ පිළිබඳව විශාල අත්දැකීම් හා තොරතුරු තිබුණු අය. ඒ නිසා එය නතර කිරීමේ ඕනකම තිබුණා. මම හිතනවා රාජ්‍ය අංශයේ දේශපාලන අධිකාරිය විසින් සිදුකරනු ලබන වංචා, දූෂණ, නාස්තිය අපි නතර කරලා තියෙනවා. ඊට පස්සේ දූෂිතයන්ට දඬුවම් දීමේ වුවමනාව තිබුණා. ඒක ඉතාමත්ම සාර්ථකව කෙරෙනවා. අදත් කෙරෙනවා. හෙටත් කෙරෙනවා. ඉදිරියටත් කෙරෙනවා. හැබැයි එතකොට මොකද වෙන්නේ. රිදෙන අය ඉන්නවා. “මේ අවුරුදු දෙක ඇතුළත අපි ජයග්‍රහණ අරන් තියෙනවා. ජාත්‍යන්තර ක්ෂේත්රයේ විශාලතම ජයග්‍රහණ අරගෙන තියෙනවා. ඒ අතර ප්‍රධානම වුවමනාව බවට පත්වී තිබුණා රටේ ආර්ථිකය ගොඩනැංවීම සහ ඒ ආර්ථිකයේ ප්රතිලාභ පෞද්ගලිකව තමන්ට ලැබීම. පොදු වුවමනාවන් වෙනුවෙන් වැඩ කරනවා. ඒ අතරේ මොනවාද වෙන්න ඕනේ. තමන්ගේ ආර්ථිකයත් යම් තරමකට සරි වෙන්න ඕනෙ. තමන්ගේ ආර්ථිකයට යම් තරමකට ප්රතිලාභ ගලාගෙන එන්න ඕනෙ. එහෙම නැතුව ජාතික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ අවසානයේ තමන්ගේ කුටුම්භ ජීවිතය පහසු වෙන්න ඕන. ඒ සඳහා සාධාරණ ආදායමක් අපට ලැබෙන්න ඕන. එහෙම බලාපොරොත්තු තිබුණේ නැද්ද? නැහැ. එහෙම බලාපොරොත්තුවක් තිබෙනවා. වැරදි නැහැ. “රට පිළිබඳ පොදු ජයග්‍රහණ වගේම තමන්ටත් තමන්ගේ ආර්ථිකය, තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව විශ්වාසදායක ලෙස ආර්ථික හැකියාවක් ගොඩනගා ගැනීමේ වුවමනාවක් තිබුණා. මේ ඔක්කොම මත තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව හදන්න මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව නායකත්වය අරගෙන මේ ආණ්ඩුව හැදුවේ. අපේ රට දිගු කාලයක් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන කොටසක්. දෙක වංචා, දූෂණ. තුන නාස්තිය. හතර අක්‍රමවත් භාවය, මූල්‍ය විනයක් නොමැතිකම. ගෙදරක වුණත් මොකද වෙන්න ඕන. හොඳ ආර්ථික සැලැස්මක් නැත්නම් ගෙදර ආර්ථික අර්බුද එනවා. ගෙදර සල්ලි දරුවො හොරකම් කරනවා නම් කඩාවැටෙනවා. අවශ්‍ය ඒවාට වඩා නාස්ති කරනවා නම් කඩා වැටෙනවා. “ඒ වගේම, ගෙදරක මූල්‍ය විනය නැත්නම් ඒ ගෙදර ආර්ථිකය කඩාවැටෙනවා. ඉස්සර, ප්‍රතිපත්තිමය කරුණු වගේම රටක මූල්‍ය විනය වගේම රටක මූල්‍ය විනය නැති වුණොත් මොකද වෙන්නේ. ඒ රට කඩාවැටීමකට භාජනය වෙනවා. “අද මේවා සිද්ධ වෙලා හෙට රට කඩාවැටෙන්නේ නැහැ. අද රස්සාව නැති වුණොත් හෙට අමාරුයි. හැබැයි රටක් එහෙමම වෙන්නේ නැහැ. අද රටට, ආර්ථිකයට කරන දේවල්වල ප්‍රතිඵල දශක ගණනාවකට පස්සේ එන්නේ. එහෙම ඇවිල්ලා තමයි 2022 – 2023 වෙනකොට අපේ රට ආර්ථික වශයෙන් නන්නත්තාර වුණේ. 21 තීන්දුවනෙ 22 ට බලපෑවේ. 21 තීන්දුත් බලපෑවා. හැබැයි දිගුකාලීන තීන්දුවල පතිඵල. උදාහරණ මම කීපයක් කියන්නම්. දැන් මෑතකදී මම දැක්කා මත්තල ගුවන්තොටුපළ හදන්න ගිහිල්ලා තියෙන්නෙ මිලියන තිස්දාහයි. පාඩුව මිලියන හැත්තෑදාහයි. එතකොට පේනවා කොච්චර මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්වාද කියලා. “එයාර් ලංකා ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවේ කොටස් සහිත ආයතන මෙහෙයවමින් තිබුණා. පවරා ගන්නවා. දැන් පාඩුව කෝටි පනස් දෙදාහයි. මූල්‍ය විනය පිළිබඳ සැලකිල්ලට භාජනය නොකිරීම. “2022 රජයේ ආදායමින් ආණ්ඩුවේ භාණ්ඩාගාරයට ලැබෙන ආදායමින් සියයට 79 ක් ගියේ පොලිය ගෙවන්න. ඒ කියන්නේ රජයට ලැබෙන ආදායමින් සියයට 79 ක් වැය වෙලා තියෙන්නේ ආණ්ඩුව අරගෙන තියෙන ණයවල පොලිය ගෙවන්න. මූල්‍ය අපි හොඳින් කලමනාකරණය කරලා නැහැ. මූල්‍ය විනයක් නොමැති වීම, නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිවීම, වංචා – දූෂණ – නාස්තිය මේ දිගුකාලීනව ප්‍රතිඵලයක් ලෙස මොකද වුණේ. 2022 – 2023 මේ රටේ ආර්ථිකය කඩාවැටුණා. කඩාවැටුණු ආර්ථිකයක් යළි ගොඩනැඟීමක් අවශ්‍ය වෙලා තිබෙනවා. අපිට කෙටි කාලීන ස්ථාවරභාව ඇති කරගන්න පුළුවන්. හැබැයි අපිට දිගුකාලීන සැලැස්මක් අවශ්‍ය වී තිබෙනවා. එතකොට මේ අර්බුදය පැනනැඟුණේ කොතැනින් ද? මේ ඔක්කොම සිදුවීම් තැන් දෙකකට කේන්ද්‍ර වුණා. මොකක්ද තැන් දෙක. එකක් තමයි රටට ඩොලර් නැතිවීම. මේ ගත්තු ප්රතිඵලවල අවසන් ප්‍රතිඵලය බවට පත්වුණේ මොකක්ද? ණය ගෙවාගැනීමට සමත් වෙන ඩොලර් ප්‍රමාණයක් රටට උපයා ගන්න අසමත් වෙනවා. අපි අධිවේගී මාර්ග ඔක්කොම හැදුවේ ඩොලර්වලින් ණය අරගෙන. අපි මත්තල ගුවන්තොටුපළ හදන්නෙ ඩොලර්වලින් ණය අරගෙන. අපි රේල් පාරවල් හැදුවා ඩොලර්වලින් ණය අරගෙන. අපි විශාල ලෙස ඩොලර්වලින් ණය අරගෙන රට හැදුවා. අන්තිමට මොකද වුණේ. 2022 වෙනකොට ණය ගෙවාගැනීමට සමත් වෙන ඩොලර් ප්‍රමාණයක් අපිට උපයා ගන්න බැරිවෙනවා. එතකොට ආර්ථිකය කඩාවැටීමකට භාජනය වෙනවා. අද ආණ්ඩුවේ වුවමනාවට මුදල් අච්චු ගැහීමේ අයිතියක් නැහැ. දැන් මුදල් මුද්‍රණය කරන්නෙ මහ බැංකුව. වෙළෙඳපොළේ මුදල්වල තියෙන ඉල්ලුම සහ ද්‍රවශීලතාවය බලලා තමයි මුදල් මුද්‍රණය කරන්නෙ. 2022/2023 වෙනකොට එහෙම නෙවෙයි ඒගොල්ලන්ට තිබුණා මහ බැංකුවෙන් ණය ගන්න. මුදල් අච්චු ගහනවා. අච්චු ගහලා අච්චු ගහලා මොකද වුණේ. උද්ධමනය සියයට 70 ඉක්මවූවා. භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යන්න පටන් ගත්තා. එතකොට භාණ්ඩාගාරයට රුපියල් නොමැතිවීමේ ප්රශ්යත් රටට ඩොලර් නොමැතිවීමේ ප්‍රශ්නයත් විසින් අපේ රටේ ආර්ථිකය බිඳවැටුණා. ඒකේ ප්‍රතිවිපාක බවට පත්වුණේ ගෑස් නැතිව යනවා, ඉන්ධන නැතිව යනවා, කිරිපිටි නැතිව යනවා, ප්‍රවාහන පද්ධතිය කඩාවැටෙන්න පටන් ගන්නවා. මේ සියල්ල සිද්ධ වෙනවා. මේ ගැන අපි අත්දැකීම් ලබපු රටක් මේක. විශාල බංකොලොත්භාවයකට අපේ රට මුහුණ දීලා ඒ බංකොලොත්භාවයේ විශාල ප්‍රතිවිපාකවලට මුහුණ දීලා බෙහෙත් නැතිව ඉස්පිරිතාලවල මිනිසුන් මියගිහිල්ලා අපේ රටේ වෘත්තියවේදියො අපේ රට අත්හැරලා දාලා ගිහිල්ලා ගෑස් පෝලිම්වල මිනිස්සු මැරිලා මෙවැනි ආර්ථිකයක කඩාවැටීමේ ප්‍රතිවිපාක විසින් දුර්දාන්තම ජීවිත ගත කරපු මෑත ඉතිහාසයක් අපට තියෙනවා. අපි ඒ අර්බුදය හඳුනාගෙන තිබෙනවා කොහොමද පැනනැග්ගේ කියලා. ඒ නිසා වර්තමානයේ ජීවත් වෙන පාලකයාට විතරක් නෙවෙයි පුරවැසියන්, වැඩ කරන ජනතාව හැම දෙනාගේම අපේක්ෂාව බවට පත්වෙන්න ඕන. මොකද යළි එවැනි අර්බුදයක් ශ්‍රී ලංකාවේ මාතෘ භූමිය තුළ අපේ දරුවන්ට අත්විඳින්න ඉඩ නොදෙන රටක් ගොඩනැඟීම තමයි අපේ අපේක්ෂාව. මහජනයාගේ මුදල් අපි වියදම් කරන කොට නැවත අවස්ථා ගණනාවක් හිතා බලනවා මේ මුදල් මේකට යෙදවීම කොච්චර ප්‍රතිඵලදායක ද කියලා. මම කියන්නෙ මූල්‍ය විනයේ ප්‍රතිඵල විදිහට තමයි මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නොලැබෙන්නෙ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නොදෙන්නෙ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇමැතිවරු පස්සෙ වාහන නොයන්නෙ. ඒ මූල්‍ය විනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇමැතිවරුන්ගේ බංගලා ව්‍යාපාරික ස්ථාන බවට පත් කරන්නෙ. මූල්‍ය විනයක් අපේ රටට අවශ්‍යයි. 2025 අපි අය-වැය ලේඛනය ඉදිරිපත් කරනකොට අපි 2024 සැප්තැම්බර් මාසයේ බලයට ආවේ. 2025 මුල් මාස තුන සඳහා ඉදිරිපත් කළේ අතුරු අය-වැයක්. අතුරු සම්මත ගිණුමක්. 2025 මාර්තු මාසයේ තමයි අපි පළමු අය-වැය ලේඛනය ඉදිරිපත් කළේ. අපිට ඕනතරම් තිබුණා ඉඩක්. මේක මාස 9ට ආපු බජට් එකක්. අපි ආණ්ඩුව ආවා විතරයි. ඒ නිසා වැටුප් වැඩි කිරීම 2026දී දෙන්නම් කියලා කියන්න පුළුවන් වුණා. අපි අපේ රටේ රාජ්‍ය සේවය අපේ රට ගොඩගැනීම සඳහා අත්‍යවශ්‍ය යාන්ත්‍රණයක් බව පිළිගන්න දේශපාලන ව්‍යාපාරයක්. අපිට හොඳ රාජ්‍ය සේවයක් අවශ්‍යයි. දියුණුවෙච්ච හැම රටකම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තිබිලා තියෙනවා. අපි මොනතරම් තීන්දු තීරණ ගත්තත් වැඩක් නැහැ, ඒ තීන්දු තීරණ පහළට ගලාගෙන යන රාජ්‍ය යාන්ත්‍රණය හරහා. මේක පිළිගත්ත දේශපාලන ව්‍යාපාරයක්. අපි රාජ්‍ය අංශය දියකර හරින්න ක්‍රියාකරන ව්‍යාපාරයක් නොවෙයි. රාජ්‍ය අංශය දියකර හරින ප්‍රධානම එකක් මම ඔයගොල්ලන්ට කියන්නම්. අද රාජ්‍ය අංශයට බැඳෙන කොට පෞද්ගලික අංශයත් එක්ක සංසන්දනය කරන සමහරු ක්ෂේත්රවල වැටුප් අඩුව තියෙද්දිත් රාජ්‍ය අංශයට එන්නේ ඇයි? රාජ්‍ය අංශයට එනකොට කට්ටිය කල්පනා කරනවා මට හොඳ විශ්‍රාම සුවය සඳහා විශ්‍රාම වැටුපක් ලැබෙනවා. රාජ්‍ය අංශයේ ප්‍රධානම ආකර්ෂණීයම දේ මොකක්ද? විශ්‍රාම වැටුප. 2016 මොකක්ද අරගෙන තිබුණු තීන්දුව. 2016 අරන් තිබුණු තීන්දුව තමයි 2016න් පස්සෙ බැඳෙන අයගේ විශ්‍රාම වැටුප අහෝසි කරල තිබුණා. එතකොට මොකද වෙන්නෙ. රාජ්‍ය සේවයට කෙනෙක් ආකර්ෂණය කරගැනීමට තිබුණු හොඳම එක විශ්‍රාම වැටුප. හැබැයි 2016 මොනවද කළේ. රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කළා. ඇයි රාජ්‍ය සේවය දියකරහරින්න හොඳම තැන ඒක. අද රාජ්‍ය සේවයේ ආකර්ෂණය බවට පත්වෙලා තියෙන්නෙ විශ්‍රාම වැටුප. විශ්‍රාම වැටුප අහෝසි කළොත් රාජ්‍ය සේවය කඩාවැටෙනවා. ඒක අහෝසි කරලා තිබුණා. ඒ නිසා අපි ආරම්භයේදීම මොකද කළේ. ආරම්භයේදීම අපි විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ චක්‍රලේඛය අහෝසි කළේ ජාතික ජන බලවේගය ආණ්ඩුව. ඒ මොකද රාජ්‍ය සේවයට ආකර්ෂණය තියෙන ප්‍රධානම මෙවලම විශ්‍රාම වැටුප. ඒක රැකගන්න ඕනෙ. එහෙම නැත්නම් රාජ්‍ය සේවය දුර්වල වෙනවා. ඊළඟට විශ්‍රාමිකයන්ගේ ජීවිතය. විශ්‍රාමිකයන්ගේ විශාල ගැටලු ප්‍රමාණයක් මතුවෙලා තිබුණා. 2020ට පෙර විශ්‍රාම ගිය අයගේ. 2020ට පෙර විශ්‍රාම ගත් සියලු දෙනාට 2020 වැටුප් තලයට අනුව විශ්‍රාම වැටුප ගෙවන්න තීරණය කළා අදියර 3කින්. තුන්වැනි අදියර 2027 ජනවාරි ලැබෙනවා. ඕන්නම් අපිට ඒවා අතහැරලා යන්න තිබුණු ප්‍රශ්න. අපි ප්‍රශ්න දන්නවා. කවුරුත් පාරට බැහැලා කෑගහන්න ඕනෙ නැහැ. කවුරුත් උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. කවුරුත් පිකටින් කරන්න අවශ්‍ය නැහැ. කවුරුත් වැඩ වර්ජන කරන්න ඕනේ නැහැ. අපි හඳුනාගත්ත ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් මේක. ඒ ප්‍රශ්න හඳුනාගැනීම සඳහා අපි වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරනවා. ඒ ඔක්කොමත් එක්ක කතා කරලා මේ ප්රශ්නය හඳුනාගන්නවා. අපි මේ උඩින් පාත්වුණු වැඩකරන කෙනාගේ ප්රශ්නය දන්නේ නැති දොස්තර මහත්තයාට වාහන පර්මිට් එක නැතිවුණු නිසා ඇතිවුණු අර්බුදය දන්නේ නැති එහෙම අය නොවෙයි. මේ අපි ඇසුරු කරන අපේ මිතුරෝ. අපේ යාලුවෝ, අපේ ඥාතීන්, අපි දන්න අය මේ අය. ඒ නිසා මේ හැම දෙනාගේම ප්‍රශ්න අපි දන්නවා. හැම දෙනාගේම ප්‍රශ්න කෑගහන්න කලින් විදසඳනවා. කෑගැහුවාට විසඳුම් දෙන්න බැරි ඒවට දෙන්නේ නැහැ. දෙන්න බැහැ. මේක තමයි ඇත්ත කතාව. “මේක තුලනාත්මක අයවැයක්. අපේ හාමුදුරුවන් වහන්සේලාගේ පෙරමුණ පක්ෂයට. හැබැයි පෙරමුණ ගන්නවා උඩට. එතකොට කට්ටිය එනවා මොකටද ආගම වෙනුවෙන්. පක්ෂය වෙනුවෙන් නෙමෙයි හොඳේ. ඒගොල්ලන්ගේ පක්ෂය වෙනුවෙන් කිව්වොත් කව්රුත් එන්නේ නැහැ. හැබැයි ආගම වෙනුවෙන් කිව්වොත් අපි කව්රුත් භක්තිමත්ව ගෞරව කරන බැඳීමක් තියෙන ආගම වෙනුවෙන්. ඒකට විනාශයක් කිව්වොත් චුට්ටක් තෙතමනයක් එනවා කාටත්. අන්න එතකොට පක්ෂය යටගිහිල්ලා උඩට ගේනවා ආගම. පක්ෂය යට ගිහිල්ලා උඩට ගෙන්වා සමහර අපේ හාමුදුරුවන් වහන්සේලා. ගෙනල්ලා කියනවා මොකක්ද මෙන්න ජාතිය අනතුරේ ආගම අනතුරේ. සමහරුන්ට අපි මූලික වැටුප වැඩි කිරීම ප්‍රශ්නයක්. ඒ අය පාරට බහින්න කලින් අපි වැටුප් වැඩි කළා. ප්‍රශ්න විසඳන්න පාරට බහින්න අවශ්‍ය නෑ. අපි උඩින් පාත් වුණු ප්‍රශ්න දන්නෙ නැති අය නොවෙයි. අපි හැම දෙනාගේම ප්‍රශ්න විසඳනවා. කෑගැහුවාට ප්‍රශ්න විසඳන්න බෑ. මේක තුලනාත්මක අය-වැයක්. කාලා බීලා ඉන්න නම් ට්‍රිලියනයක් වුවත් ණය අරගත හැකියි. විවිධ ණය මුදල් ගෙවිය යුතුයි. අපි නැවතත් පරණ උගුලේ වැටිය යුතු නෑ. අය-වැය තුලනාත්මකව සකස් කළා. ප්‍රාග්ධන වියදම් රටේ අනාගත ආයෝජනයයි. එය අඩු කරන්න බෑ. අධ්‍යාපනය, සෞඛ්‍ය රටේ ජනතාවට පහසුකම් ඇති කිරීමටයි මුදල් වෙන් කළේ. ඒවා අඩු කරන්නත් බෑ. අපි හැකි හැම මොහොතකම වැටුප් සඳහා මුදල් වෙන් කළා. 2016 න් පසු රාජ්‍ය සේවයට බැඳෙන අයගේ අහිමි කර තිබූ විශ්‍රාම වැටුප නැවත ලබා දෙමින් එය නොදෙන්නට දමා තිබූ චක්‍රලේඛය අහෝසි කළේ ජාතික ජන බලවේගය රජයයි. රාජ්‍ය සේවයට කෙනෙක් ආකර්ෂණය කරගැනීමට තිබුණ හොඳම මෙවලම විශ්‍රාම වැටුපයි. 2020 ට පෙර විශ්‍රාම ගත් අයට 2020 වැටුප් තලය අනුව විශ්‍රාම වැටුප් ලබා දීම අදියර 3 කින් සිදුකිරීමට කටයුතු කළා යැයි ද ජනාධිපතිවරයා පැවසීය. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

